8 වන පරිච්ඡේදය

123 7 4
                                    

උදේ දහය එකොලහ කිව්වට මේ සීතල තාම හොදට ඇගට දැනෙන වෙලාව . උදෙන්ම කතාකරගත්තු ගමන යන්න සගයො දෙන්නනම් හරි ලැහැස්තිය .කඩාහැලෙන්න නලලට වැටෙන අභීගේ කොන්ඩේ අතින් හදන ගමන් කන්නඩිය ඉස්සරහට ගිහින් අභී මූන බැලුවේ සීතලට ගල්වෙලා වගේ හැගීමකින් .
සීතලට කියාපු දම්පාට ජර්සියෙන් අභී ඔලුවෙ ඉදන් වගගෙන. කොට ශෝටට waves සෙරෙප්පු දෙකක් එක්ක හරි සරල පෙනුමට කොල්ලා දැනටමත් මිදුලේ. ඒත් අත් දෙකනම් හිස් නෑ . Nikon d 3500 වර්ගයෙ කැමරාවක් අතේ තියාගෙන අභී හැරෙන හැරෙන අතට photo දෙක තුනක් ගැහුවා.

"අභී යමන් "

මියුරුගෙ කරටත් අතක් දාගෙන අභී දිහාවට එන යාලුවෝ දෙන්නගෙ ලස්සන photo එකක් අභී හැරුණ ගමන් සිය කැමරාවේ සටහන් කරගත්තා

"අඩෝ.... කෝ පෙන්නපන් බලන්න "

"ඒක ලස්සනයි "

"ඔව් මී හරක් පෙනීසිටින වසරේ ඡායාරූපය නමින් මං මේක පල කරනවා මුහුණු පොතේ"

"එහෙම හරි උබේ ඔය photo කෙරුවාවට සම්මානයක් ලැබුණොත් ඒ ඇති "

තුන් කට්ටුව කතාවෙන් කතාව තේ වත්ත දිගේ පහලට ඇදුනා . වත්ත මැද්දෙන් පොඩි පාරට වැටුනට පස්සෙ එහාට මෙහාට පැන පැන තේ වතු මැදින් තිසරු දිගටම යනවා.
තිසරුගෙ පස්සෙන් යනව මිසක් යන්නෙ කොහෙද මොන පාරකද කියලා හොයාගන්න තියා සමහර තැන් වලින් ඉස්සරහ වත් පේන්නෙ නැති ගානයි. උඩට වැවුන මාන ගස් පාරට නැමිලා . ඒ අතෙරේ තිසරු මාන ගස් අස්සෙන් ගිහින් ගල් කණ්ඩියකින් තවත් තේ කෑල්ලකට පැන්නා . අභී, මියුරුත් ඇවිදින map එක පස්සෙන් බිමට පැන්නා .


"මගෙ අම්මෝ..මරන්නද යකෝ හදන්නෙ "

"ඕයි තිසා සොහොන් අස්සෙ එක්කයන්නෙ පාරවල් නැද්ද යකෝ, මගෙ ඇගම සලිත වෙලා ගියා"


බය උන පාරට මියුරු පපුව අල්ලන් බෙරිහන් දෙනවා. අභී හිත ගැස්සුනත් දැන්නම් හිනා වෙනවා . ඉතින් තිසරු මේ කැලේ පාරෙන් ගියත් පැනලා තියෙන්නෙ ළඟදි මැරුන ගමේ මනුස්සයෙක්ගෙ ගොක්කොල සැරසිලි වේලීගෙන යන සොහොනක් මැද්දට

මේ වගේ පැතිවල කෙනෙක් මියැදුනාම තමන්ගෙම වත්තක මිහිදන් කරන එක සාමාන්‍ය දෙයක් . ඒ වගේ තැන් තේ වතු මැද ඕනි තරම් තියෙනවා.


දෙවොල් පෙම (Ongoing)Unde poveștirile trăiesc. Descoperă acum