ටික ටික පහලට ඇදෙන මීදුම දැන් දැන් කදු පේලියම වහගෙන. සීතලට අතට පයට හීන් ඉදිකටු ඇනෙනවා වගේ හිරියක් දැනෙන්න පටන් අරගෙන. බටනලා හඩ හුලගට මුසු වෙලා ඈත පේන කදු පන්ති දිහාවට ගියාදෝ අභීට හිතුනා.
" අනේ මල්ලි ඉන්නවා.... , ඔහොම ඉන්නවා...
ඔය මලනම් ඕනිමයි. අනේ... දෙන්න . හැබැයි පොඩි උනොත් ඕකනම්...තලනව මං තේ කොට්ටකින් අද .... "එකපාර ඇහුන කෑගැහිල්ලත් එක්ක වේගෙන් දුවන් එන අඩි සද්දෙ පැත්තට අභී මියුරු දෙන්නම එකපාරම හැරිලා බලන් ඉදියා .
කන්දට විහිදුන තේ වත්තේ අඩිපාර දිගේ දුවගෙන ඇවිත් තේ ගස් මුල වාඩි වෙලා ඉදිය දෙන්න දැකලා ලොකු බ්රේක් පාරක් ගහලා ලැජ්ජාවටත් එක්ක ඇස් ලොකු කරන් හරි හුරුබුහුටි කෙල්ලක් නැවැතුනා කිව්වොත් ඔව් ඒ කොන්ඩේ හැඩරුව අදුනගන්න අභීට ගියේ තප්පර ගානයි ."දෙයියනේ.. flower shop එකෙන් එලියට බහිද්දි හැප්පුන අර ඇවිදින කිතුල් රෑන"
"මොන කිතුල් රෑනක්ද යකොව්, අභී මොනාද කියවන්නෙ"
අභී හරි හෙමින් මතුරනවා මියුරු බලන් ඉන්නවා. ඒ අතරෙ කැලෑ මල් මිටියක්ම තුරුලට කරන් අර කෙල්ල තාම ඇස් ලොකු කරන් බලන් ඉන්නවා .
" පිංචි අක්කා මේ, ඔයාගෙ ලස්සනම මල මේ..."
එහෙම කියලා ඒ එක්කම දුවන් ආපු පොඩි කොල්ලා මලකුත් අරන් වත්ත දිගේම පල්ලෙහාට දිව්වා. අනේ ඉතින් ලැජ්ජවටම සීඝ්රගාමීව ආපු කෙලී මන්දගාමී වෙලා දුවන් ගිය කොලු ගැටය පස්සෙන් හිමින් හිමින් ඇදුනා.
"ඈ යකෝ ඒ මොකක්ද ඒ උනේ "
" ඒ අර කෙල්ල බන් . Flower shop එකේ හම්බුන කෙල්ල "
"හ්හ් මොන කෙල්ලද අභී"
"අර ඇගේ හැපුන කෙල්ල , ඕයි මියුරුවා බලපන් අර කොන්ඩෙ ලස්සන ."
අනේ අභී තාමත් ඈත යන රූපෙට වශී වෙලා බලාගෙන . ඉටි රූපයක් වගේ රුවක් , හරි ලස්සන කෙස් වැටියක් එක්කම රූපසම්පත්තියෙන් කිසි අඩුවක් නැති ගමක ලස්සන කෙල්ලෙක් . ඉතින් ඉලංදාරියගේ හිත දුවන්නෙ නැතුව තියෙයිද?.....
![](https://img.wattpad.com/cover/379326868-288-k67650.jpg)
VOUS LISEZ
දෙවොල් පෙම (Ongoing)
Fanfictionඅමාවකේ දවසක නෙලා රත් හදුන් බෙර කද දෙවොල් පෙමකට හරවලා....... "මැනික මේ හඩට නටන්න සංසාරෙ තියෙනකල් මං එනවා උබ පස්සෙන් ඊලග පාර හරි වේලාසනින් හමුවෙනකල් .... ආදරේ නාමෙන් දිවුරලා දුන්නු ඔය දෙවොල් බෙර හඩ උඩම මං ඇවිලෙන්නම් ... තව තව පෙම් කරන්නම්....." බ...