පිපුණිගෙ ඇස් ලොකු උනා.. ඇයි දෙයියනේ අලුතෙන් ආවට මොකෝ එයාට දැන් මියැසිව අලුත් නෑ . කාලෙක ඉදලා පුරුදු ගානට ලගින්ම ඉන්දවගෙන උදේ ඉදන් දවසම එකට ඉදිය ළමයා පවුලට ලගම කෙනෙක් කිව්වම ඇස් උඩයන්නෙ නැතුව තියෙයිද.?
පවුලට ළඟ කිව්වේ...? ඔව් තිසරුට මියුරුට ගෙදරට වඩා ගෙදර උනේ අභීගෙ ගෙදර නිසා ඇරත් ඒ තුන්කට්ටුව කොහොමත් එක පවුලක් වගේනේ. ඇත්තමයි ඒ සහෝදරයෝ. මියැසි තාම කට ඇරගෙන ඇස් මාරුවෙන් මාරුවට හතර දෙනා දිහාම බලනවා.
" නෑනා...?"
" බැලුවොත්නම් ලෝකෙ කාලා වතුර බොන සයිස් එකේ ඉන්නෙ හැබැයි යාලුවා කාගෙ කවුද කියලා දන්නේ නෑ ... අභී මේකි උබේම නංගිද බන්..! උබට විස්වාසෙන් කියතැහැකිද..? මචන් මායා නැන්දයි වසන්ත මාමයි trip එකක් ගිහින් එන ගමන් කුණු කානුවක ඉදපු නිසා දුක හිතිලා ගෙනාව වෙන්න බැරිද..?"
" අනේ .. අනේ .. මියුරු අයියා... මගෙ කට..! එනවකෝ අපේ ගෙදර ආයෙම.. අප්පච්චිට කියනවා මං .. බලාගමු එදාට .."
"ඒක හොදයි ... අප්පච්චි ඉස්සරහම කුණු කාණුවෙන් ඇහිදං ආපු කතාව අහන්න බැරියැයි! අසරණ සරණ ජාතකේ කියලා වෙසක් එකට තොරණක් ගහතැහැකි ..!"
අභීට දැන් හොදටම හිනා. ඒ අස්සෙ මොකෝ වලි කෙක්ක අතරින්නෙත් නෑ. මියුරු එක්ක පැටලෙන්නමයි බලන්නෙ. හැබැයි වලිය ඉවර වෙන්නෙ නංගිගෙ ඇඩිල්ලෙන් කියලා දන්න අභී කලේ ඒක නවත්තපු එක .
" හ්හ්හ් ... අඩෝ .. ඇති ඇති බන්.... මගෙ පොඩි කෙල්ල... ඕකි අඩයි තව ටිකෙන්.."
ඒ වචන .. මියැසි අභී දිහා බැලුවා. ඔව් විහිලුවට කිව්වට ඒ වචන අස්සෙ පිපුණිට තිබුණ ආදරේ තරම් කාටත් කලින් දැක්කෙ මියැසි.
මගෙ පුංචි කෙල්ල... භාවී.....! මගෙ රෝස මල....
අනේ ඒ වචන ... මියැසිගේ කන් ඇතුලේ දෝංකාර දුන්නා.... ආයෙ කවද අහන්න ලැබෙයිද..? නෑ ආයෙ කවදාවත් ඒ වචන මට ඇහෙන එකක් නෑ. මියැසි හිතුවෙ එහෙම .
මං එච්චර පව් කාරද..? මියැසි හිතින් තනියම අහනවා.. නැති උනා කියලා මගේ කරගන්න මේ ඒ කාලේ නෙමේනේ අනික මං ඒ දුන්නු දුක පොඩි නෑ...ඒත්..! . විදවන්න කියලා ඇයි මට විතරක්ම ඒ මතක ඉතුරු උනේ..! එක අතකට අභීට වගේ කිසි දෙයක් මටත් මතක නැතුව ආපහු මේ ලෝකෙට එන්න පුළුවන් උනානම් ....
CZYTASZ
දෙවොල් පෙම (Ongoing)
Fantasyඅමාවකේ දවසක නෙලා රත් හදුන් බෙර කද දෙවොල් පෙමකට හරවලා....... "මැනික මේ හඩට නටන්න සංසාරෙ තියෙනකල් මං එනවා උබ පස්සෙන් ඊලග පාර හරි වේලාසනින් හමුවෙනකල් .... ආදරේ නාමෙන් දිවුරලා දුන්නු ඔය දෙවොල් බෙර හඩ උඩම මං ඇවිලෙන්නම් ... තව තව පෙම් කරන්නම්....." බ...