යුගාන් උයනවා.නිවාඩු දවසට යුගාන් කොහොමත් කුස්සිය එයාට අයිතිකර ගන්නවා.අද දවල් කෑමට යුග්ම වගේම මන්ධීර්ගේ අම්මා අප්පච්චිත් ප්රතාප්ගේ ගෙදර එන නිසා යුගාන් හරි හරියට වැඩ.අද එයාලාගේ කසාඳේ ගැන කතා කරනවනේ.ඒ නිසාත් යුගාන් ඉන්නේ හරි සතුටින්.
" අම්මා..මේ රයිස් එක රස ඇතිද බලන්නකෝ...?"
" අම්මා..මේ chicken එක grill වෙලා ඇතිද බලන්න...මේකට garlic මඳිද..?"
" අම්මා...අනේ මේ ඉස්සෝ එක පොඩ්ඩක් බලන්නකෝ...අපේ එක්කෙනා ආසම dish එක ඕක අනේ..."
" අම්මා මේ කජු එකට ග්රීන් පීස් මික්ස් කරන්න නම් එපා හොඳේ..ලොකූ ආස නෑනේ ග්රීන් පීස් වලට..."
" අම්මේ මේ hot batter cuttlefish එකට cuttlefish එක mixture එකේ ඩිප් වෙලා ඇතිද අනේ.."
" බිරියානි නම් ගොඩක් ඕනි නෑනේ..අප්පච්චි ආස නෑනේ බිරියානි වලට.."
කුස්සියේ කෑම වැඩ සේරම යුගාන් බාර ගත්තාට මොකද නෙහාරට තමා කනක් ඇහෙන්න නැති වුණේ..
" අම්මේ...පැස්ටා එක ලොකූ හදන් එනවා කිව්වා නේද..? එයාගෙත් මාර කැටයම අනේ..යුග්ම කන්න කැමති නිසා තමා එයා ඒක හදන් එන්නම් කිව්වේ..මතක් කරලා එයාට කියන්න අනේ පොල් තෙල් නම් දාලා හදන්න එපා කියලා..අපේ යුග්ම ආස බටර් වලටනේ.."
" යුග්ම කන්න ආස විදිහ නැති විදිහ ලොකූ දන්නවා..උඹ පැහෙන්නැතිව ඉදපං.."
" අනේ එයාට කියන්න prawns දාලා හදන්න කියලා.."
" අම්මේ අනේ crabs ටික බලන්නකෝ..මං අර cheese cake එක උඩින් topping දාන්න ඕනි අනේ..."
" අම්මේ... කැරමල් ටොපින් එකයි ස්ට්රෝබෙරි ටොපින් එකයි ඇතිනේ..කෑලි හයකට කැරමල්..ඉතිරි හයට ස්ට්රෝබෙරි..."
" අනේ බං උඹ උයනවා මට මහන්සි වෙන්න එපා කිව්වාට..මං දැන් උඹේ කෑ ගැහිල්ල නිසාම මේ ගේ ඇතුලේ කිලෝමීටර් දහයකට වඩා එහේ මෙහේ දිව්වා..."
උදේ ඉදන් යුගාන් මේ වෙද්දි දහස් වතාවකට වඩා අම්මේ අම්මේ ගාන්න ඇති..නෙහාරත් ඉතින් බැන බැන හරි යුගාන් කතා කරන වතාවක් ගානෙම කුස්සියට දිව්වා.
" අම්මේ..කසාඳෙන් පස්සේ මන්ධීර්ත් කැමති උනොත් අපි මෙහේ නවතින්නද..? මල්ලිලා ගියා වගේ අපිත් යන්න ඕනිද..?"
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...