"මොකද්ද හු#තෝ කිව්වෙ උඹ.?"
"ඒඑ එපා ආර් අපි යමන්කො."
"උඹට ඇහුන එක තමා කිව්වෙ නිකම් නයට කහින් නැතුව ඉදපම්."
"අත පය අකුලන් හිටියම් උඹ හිතන්න එපා අපි පොන්#යො කියල බල්ලා!."
"හ් හා හා මූ බලපන්කො බන්. පොන්#නයට ඉන්න යාලුවගෙ සද්දෙ බලපම්කො. තොපෙ ස්කූල් එකෙම ඉන්නෙ කොලුකාරයොද"
"මොකද්ද වේ# බල්ලෝ කියන්නෙහ්!"
"කියන්නෙද උඹෙ අවජාතක යාලුවට ඉන්නෙම අප්පල දෙන්නෙක්නෙ. උබෙ යාලුවත් කොලුකාරයොනෙ උබටත් බෝ උනේ උන්ගෙ-"
චටාස්!
ඉතින් මෙච්චර වෙලා මේ වචන හුවමරුව දිහා සාමදානව බලන් ඉදපු කොල්ලෙක් විරුද්ද පාසලක කොලු රෑනක් තමන්ගෙ යාලුවට කියන බලු කතා ඉවසන් ඉන්න බැරිම තැන අත ඉස්සුවා. මේ ප්‍රසිද්ධ පිරිමි පාසල් දෙකක අතරෙ ඇවිලුන වචන හුවමාරුව ඉවර වුණේ එක ස්කෝලෙක ගැටයො ටිකක් හෙම්බත්වෙන්නම ගුටි කාල ඉවර වුණාට පස්සෙ. ඒත් අපරාදෙ කියන්න බෑ. ගුටිකාපු පාර්ශවේට වගේම ගුටි දුන්න පාර්ශවේටත් එක වගේම අලාභහානි වෙලා තිබුනා.
"හහ් දැම් කියපම් උඹ මුලින් කියපු එක!"
"................"
ගුටිකාල බිම වැටිල ඉදපු කොල්ලෙක්ගෙ සුදු පාට ස්කූල් ශර්ට් එකෙන්ම ඇදල ගත්ත විරුද්ධ පාසලේ කොල්ලෙක් වුන ආරෙන් නාදිනික් සුරේන්ද්‍රන් එහෙම ඇහුවම බිම ඉදපු කොල්ලා කට ඇතුලෙන් කියවන දේ කන් දෙකට ඇහුනෙ නැති නිසාම ආරෙන් කොල්ලගෙ කට කොනේ සමච්චල් හිනාවක් ඇදිලා ගියා.
"සොරි කියපන්. කියපන් ඉතින් . උඹ අපහස කරේ මගේ එකෙක්ට. ඌ කට වහන් හිටියෙ උගෙ පොන්#නකමට නෙමේ බල්ලෝ. ආයෙ ඌට වචනෙකින් හරි වැරැද්දක් වෙලා තිබුනොත් අපි බලාගමු මචන්!"
බිමට ඔරවන් ඉදපු කොල්ලව අතඇරල දාලා නැගිටපු කොල්ලා තමන්ගෙ යාලුව වුන කසීම් ආදේශ්ගෙ අතින් ඇදල අරන් බිම වැටිල ඉදපු කොල්ල ලගට තල්ලු කරා.
"හරි දැම් උඹ මූට සොරි කියල මේක මෙතනින් ඉවර කරපම්. මේක දිගට ඇදන් ගිහිම් හැම#න්න හැදුවොත් මේක ඉවර වෙන්නෙ මෙහෙම නෙවේ. උබේ හෙන්චයියො ටිකටත් ඒක කියල දීපම්."
YOU ARE READING
කඩදාසි රොකට් | PAPER ROCKET .
Romanceමම කිව්වෙ නෑ උඹට මට ආදරේ කරපම් කියල, කිව්වෙ මම උඹට ආදරෙයි කියල විතරයි !