"අද මේ ප්‍රශ්නෙ විසදගෙන මිසක් මම ගෙදර යන්නෙ නෑ කසීම්!"
"ප්ලීස් මචන් දැන් ඇති. මාව බොරු දේකට ස්ට්‍රෙස් කරන්න එපා."
දැනටමත් ඇස් රතු කරන් ඉන්න කොල්ලට කදුළු පුරවගන්න හේතු නොදී ඉන්න හිත හදාගත්ත අශේන් ලොකු හුස්මක් අරන් තප්පර දෙක තුනක් කසීම් දිහා බලන් ඉදල මුකුත් නොකියම ගිහිම් ඇද උඩට දාල තිබුණ ඇදුම් ඇදගත්තෙ කසීම් AC එක ඔන් කරල ආයෙම ඇදට වැටෙද්දි. ගහපු මලේ සැරටද මන්දා කොල්ලගෙ කන් දෙපැත්තෙන් එක සීරුවට දාඩිය බිංදු දෙකක් කඩන් වැටුණා. කොහොමත් තහනම් මල් වලින් කරන්නෙම මිනිස්සු අමුතු ලෝකෙකට අරන් යන එක ඒකත් ඒ ඉන්න තත්ත්වෙටම ඔබින විදියට. දැන් තත්වෙ ඕවර් ගියා කියන්නෙම කසීම් ලිමිට් පන්නලම සංවේදීවෙනව කියන්න අශේන් දන්නවා.කසීම් කියන්නෙ පිට උන්ට මොන මොන හයිකාරකම් දැම්මත් තමන්ගෙ කියල දැණුන උන් ලග පොඩි එකෙක්ටත් වඩා අන්ත එකෙක් කියන්න අශේන් කොහොමත් දන්නවා.කොල්ලා ඇස් වලට උඩින් අතක් නවල තියාගත්තෙ මේ වෙලාවෙ ඇස් වලට වැටෙන ලයිට් එළියත් කරදරයක් ගානට දාලා.
"කසීම්, මේ අහපම්කො."
"අයෙ මේ ගැන කත ඕනෙ නෑ. කට වහන් ඉන්න බැරි නම් ගෙදර පලයන්."
"හරි පස්සෙ කතා කරමුද උඹට දැන් වැදිලා ඉන්නෙ."
"පස්සෙ කතා කරත් මම කියන්නෙ මේ ටිකම තමා."
"කසීම්...."
කසීම් ඇස් උඩට දාගෙන ඉදපු අත පැත්තට කරල ඇද ලග හිටගෙන කුරු කුරු ගගා වද දෙන කොල්ල දිහාවට රවල බැළුවම අශේන්ගෙ තොල් අස්සෙන් හිනාවක් පැන්න. ඌ තොල් දෙකම දත් අස්සට හිර කරගෙන හිනාව ගිල ගත්තෙ තරහ ගියපු මල් කාරයෙක්ගෙන් අද රෑ මැරුම් කන්න වෙයි කියන බයට. අන්තිමට අශේන්ගෙ හිනාව අතුරුදහන් වෙලා මූණ සීරියස් පාටට හැරුණම කසීම් ඇද දිගේ රූටල ගිහිම් හෙඩ් බෝර්ඩ් එකට ඔළුව බර කර ගත්තා.
"ශේන්.."
අශේන් ඔළුව පිහිදදා ඉදපු ටවල් එක පුටුව උඩින් දාල ඇදෙන් වාඩි වුණේ. ලාවට කදුළු පටලෙකින් වැහුණ කසීම්ගෙ ඇස් දිහා බලාගෙනමයි.
"මගෙ තාත්තී අප්පච්චියී ආදරේ කරල අහ ගන්න කතා ගොඩ උඹ නොදන්නවා නෙවෙයිනෙ. උඹට තේරෙනවද කියන්න මම දන්නෙ නෑ. එතකොට උඹ හිතපම්කො මමත් කොල්ලෙක්වම දාගත්තොත්?
උඹ හිතනවද මේ ලංකාව කියන රටේ මිනිස්සුන්ගෙ කටවල් වලින් අපේ ෆැමිලි එකට බේරිලා ඉන්න පුළුවන් වෙයි කියල. මම gay උනොත් ඒකෙ වරදත් වැටෙන්නෙ මගෙ අප්පච්චිටයි තාත්තිටයි. මිනිස්සු කියයි වැරදි ආදර්ශෙයි , ඔළු කනවය අරකයි මේකයි. මිනිස්සුන්ගෙ දාහක් කතා මැද්දේ ඒ දෙන්නා ඔළුව උස්සල ජීවත් වෙන්න අරගත්තා විතරයි මම නිසා.."
YOU ARE READING
කඩදාසි රොකට් | PAPER ROCKET .
Romanceමම කිව්වෙ නෑ උඹට මට ආදරේ කරපම් කියල, කිව්වෙ මම උඹට ආදරෙයි කියල විතරයි !