"ආරෙන් යමු."
ආපු හොන්ඩා වර්ගයේ බයික් එක දිහා පුදුමෙන් බලපු ආරෙන්. තමිදුටත් සැලියුට් එකක් දාගෙන ගිහිම් බයික් එකට නැග්ගා.
"ඇයි ගිය ගමන් ආවෙ උඹ.?"
ම්හුම් උත්තර නෑ. හුලං කපාගෙන ඇහෙන ආරෙන්ගෙ සද්දෙ ඇහුනත් අනිත් පාර්ශවේ සද්ද නැතුවම වාහන අස්සෙන් බයික් එක දාගෙන කොල්ලා උගේ ගමන යනවා. පලවෙනි ප්‍රශ්නෙටම උත්තර නෑ කියන්නෙ තවත් කොච්චර දේවල් ඇහුවත් ලැබෙන ප්‍රතිඵලෙ ඕකමයි කියල දන්න ආරෙන්, සයිඩ් කන්නාඩියෙන් පේන රුහාන්ගෙ හෙල්මට් එක අස්සෙන් පේන ඇස් දිහා බලාගෙනම රුහාන්ගෙ වම් උරහිස උඩට නිකට තියාගෙන අත් දෙකෙන්ම රුහාන්ගෙ බඩ මැද්දෙන් අල්ලගත්තෙ පුරුද්දට වගේ. ටික වෙලාවකින් බයික් එක ආරෙන්ගෙ ගෙදර ගේට් එක ලගින් නවත්තනව එක්කම ආරෙන් බැහැල බයික් එකේ හැඩල් එකෙන් අල්ලගත්තෙ, රුහාන් අනිත් පැත්තට යයි කියල බයෙන් වගේ.
"මිතුනිව දාන්න ගියේ නැද්ද ?"
"පික්මී එකකට දාල ආවෙ."
"ඇයි ඒ?"
"උඹ මොන මරාලයක් දාගනීද දන්නෙ නැති නිසා ආවෙ. හිතුව හරිනෙ."
"ඉතින් මම මොකද්ද කරේ."
"මුකුත් නෑ. මුකුත් කරන්නත් එපා. මිගාර කියන්නෙ ආශ්‍රේ කරන් හොද ජාතියෙ එකෙක් නෙවෙයි."
"ම්ම්ම්ම්. මට උන්ගෙන් වැඩක් නෑ රුහාන් උඹ දන්න-"
"ඇතුලට පලයන් අම්මා බලන් ඇති ආරෙන්. මාත් යන්න ඕන."
ආරෙන්ගෙ වචන මැද්දෙන් කඩල දාපු හදිස්සිකාරයට මෙච්චර වෙලා නොතිබ්බ හදිස්සිය හැදුන හැටි දැක්කම කොල්ලා ආයෙ මුකුත් නොකියම ඉන්න හිතා ගත්තා
"ම්ම්ම් පරිස්සමෙන්."
"හවස ක්ලබ් එක පැත්තෙ යනවද?"
"උඹ යනවද ?"
"ම්ම්ම්."
"යන ගමන් මාවත් දාන් පලයන් එහෙනම්."
"හ්ම්ම්ම් රෙඩි වෙලා ඉදපම්. මම ආවම ලෑස්ති වෙන්න පටන් ගන්නෙ නැතුව"
"හරි හරි...."
ආරෙන් ගේට් එක ලග නැවතිලා කාපට් පාරදිගේ වේගෙන් ඇදෙන බයික් එක නොපෙනී යනකම්ම බලන් ඉදල ගේ ඇතුලට ගියේ එළියෙ ඉදන් පත්තරේකට ඔලුව ඔබන් ඉදපු සීයා දිහා එක පාරක් වත් නොබලමයි.
ආරෙන්ට අනූව සීයා කියන්නෙ එයාගෙ අම්මගෙ ජීවිතේ වරද්දපු මනුස්සයෙක්. මොකද අම්මට, ආදරේ කරපු මනුස්සයා වෙනුවට..... වගකීම් පැහැර හැරපු සල්ලි ,ගෑනු පස්සෙ දුවපු මනුස්සයෙක්ට තමන්ගෙ අම්මව දුන්න එක ආරෙනුයි සීයයි අතරෙ තිබ්බ පරතරේට ලොකුම හේතුව වෙන්න ඇති.
YOU ARE READING
කඩදාසි රොකට් | PAPER ROCKET .
Romanceමම කිව්වෙ නෑ උඹට මට ආදරේ කරපම් කියල, කිව්වෙ මම උඹට ආදරෙයි කියල විතරයි !