06 කොටස.

88 9 20
                                    

කොල්ලො ටික කොච්චර පැනික් උනත් අශේන් නම් වැඩේ අත ඇරියෙම නෑ. කාර් එක හරස් කරල නවත්තපු බයික් එකට යූ ටර්න් එකක් ගැහුවෙ එතනම පාරෙ දිග ට්‍රැෆික් එකකුත් හදන ගමන්.

"හුහ්! අඩෙ අප්පා.... උබෙ ආච්චිට . යකෝ දැන් වත් ඇරල යමන් ඇරල යමන් අශේන්......."

.
.
.
.
.
.
.

කොහොම හරි එදා නම් පොලිසියට මාට්ටු නොවී කොල්ලො ටික බේරුණේ අනූ නමයයි දශම නමයෙන්. එදායින් පස්සෙ නම් අශේන්ගෙ ඩ්‍රයිවින් ස්කිල්ස් ගැන කව්රුවත් වොරි වුනේ නම් නෑ. ස්පෙශලි, කසීම්.

................................................................................

මෙච්චර වෙලාම ඉබි ගමනින් කකුලුත් අද්ද අද්ද ස්කූල් එක පැත්තට බඩ ගාගෙන ආපු ආරෙන් සුදු පාට ස්කූල් ගේට් එක පේන තෙක් මානෙට ආවට පස්සෙ ගේට් එක පැත්තට පන කඩාගෙන දුවගෙන ගියේ ගේට් එක ළග ඉදපු ප්‍රිෆෙක්ලට පේන්න. ඔන්න දැන් කොල්ලා ස්කූල් එකට දුවගෙනමයි ආවෙ  නැතුව ප්‍රිෆෙක්ට්ලට පේන්න නම් නෙවෙයි.

"අපෝ බන් මේ මුළු ස්කූල් එකෙන්ම අන්තිමට එන්නෙ උඹ තමා . අනිත් දවසෙ නම් ඇතුළට ගන්නෙ නෑ. වෙනද එන විදියටම වරෙන්."

"හරි හරි ඉතින් . වෙනද එන්නෙත් මෙහෙමනෙ."

වහල තිබුණ ගේට් එක යාන්තමට ඇරගෙන ගැරඩියෙක් වගේ ඒ අස්සෙන් රින්ගගෙන ඇතුළට පැනපු ආරෙන් ඌට වඩා අවුරුද්දක් වැඩිමල් ප්‍රිෆෙක්ට දත් තිස් දෙකම පේන්න හිනා වෙලා ක්ලාස් එක පැත්තට දිව්වෙ ඊ ගහක් වේගෙන්. මේ ටයිම් එකට කොමස් සෙක්ශන් එකේ කොනේම ක්ලාස් එකට ඉබි ගමනින් යන ආරෙන් කියන්නෙ අනිත් ක්ලාස් වල ළමයින්ට නම් හරිම හුරු පුරුදු දසුනක්.

ක්ලාස් එකේ ළමයිනුත් ආරෙන්ගෙ නැවේම තමා . ක්ලාස් එකෙන් භාගයක්ම අතුරුදහන්. උන්ගෙන් ටිකක් එක්කො ප්‍රිෆෙක්ට් ඩියුටි. තවත් එව්න් උදේ ග්‍රව්න්ඩ් බැහැල තාමත් ආවෙ නැති උන්. ඔය අතරෙ සුළු තරයක් ඉතින් ස්කූල් එක වටේ රස්තියාදුවෙ දුවන උන් තමා . ඉතුරු භාගෙන් අරික්කාලක් විතර පොත් පෙරලන් ගෙදර වැඩ කොපි පේස්ට් කරනව. තවත් උන් බරසාර කයියවල්. තවත් උන් ටිකක් හිමීට ඩෙස් වලට තට්ටු දානවා. ආරෙන් ක්ලාස් එක වටේටම ඇහැ දාල. අන්තිම පේලිය දිහාවට ඇවිදගෙන ගියේ ඩෙස් එක උඩ  පොතක් දිග ඇරන් ඉන්න රුහාන් දිහා බලාගෙනමයි. රුහාන්ගෙ ඩෙස්ක් එක එහා පැත්තෙන් බෑග් එක තියපු සද්දෙට රුහාන් ඔලුව උස්සල ආරෙන් දිහා උඩ ඉදල පල්ලෙහාටම බලල නළල රැළි කර ගත්තා.

කඩදාසි රොකට් | PAPER ROCKET .Where stories live. Discover now