"උඹ දැන් ඕක අත අරිනවද?"
කසීම් එහෙම ඇහුවෙ තමිදුගෙ ඔලුවට ඇගිල්ලෙන් අනින ගමන් එතන වාඩි වෙලා ඉදපු අශේන්ගෙ කර වටේට අත දාගන්න ගමන්.
"නැතුව ඉතින් . මම උපාසකයෙක් නෙමේනෙ දානෙ බඩු භාර ගන්න."
"එතකොට ඒකිගෙ අනිත් කොල්ලා මොකද කියන්නෙ ?"
අශේන්ටත් ඕනෙ නැති මගුලක් නෑ ඌත් උගෙ ඇට්ටර යාලුවගෙ කට දිහා බලන් ඉන්නෙ ඕපෙ අහන් ඉන්නවා.
"ඌටත් එහෙම ඕනෙ නෑලු බන්. මම ඇහුවම් ඌ කිව්වෙ උබත් යූස් කරපම් මාත් ටිකක් යූස් කරන්නම් කියල. "
"අනෙ මන්දා උඹල ඕන හු#තක් කර ගනියව්. අන්තිමට ගෑනියෙක් ළමයෙක් එක්ක ආවම තමා උබලට සැප."
"ආආආඅ කමක් නෑ........... ඕව මොනාද අපි ක්ලෝස් කරල දාපු කේස් වල හැටියට."
ඔන්න දැන් නම් ආරෙන්ට තියෙන්නෙ වෙනස්ම ප්රශ්නයක්.
"එතකොට අර කෙල්ලට මොකො කරන්නෙ. සිරා සිරා කියල මැරෙන්න හැදුවනෙ."
"සිරා තමා පගෝ සෙට් වුනොත් නම් ලොවෙත් සිරා කරනවා. අද ගිහිම් පොඩ්ඩක් බලල එමු මාත් එක්ක වරෙම් ඈ."
"උබ නම් හදන්න බෑ පරයා. මට එන්න බෑ මම රුහාන් එක්ක ගෙදර යන්නෙ."
තමිදු දිහා ඔරවල බලපු ආරෙන් ඩෙස් එකට අත් තියල පිටි පස්සට බර වෙන ගමන් තමන්ගෙ කකුල උඩ ඔලුව තියන් තමිදු දිහා බලන් ඉන්න රුහාන්ගෙ ලාවට කැරළි ගැහුන කොන්ඩ කෑල්ලක් ඇගිල්ලෙන් කරකවන ගමන් එහෙම කිව්වම තමිදුගෙ මූන දෙල් වෙලා ගියා.
"අහ් හා හා හරි හරි පලයන්කො පලයන්කො.
ඩෙස් එකක් උඩ වාඩි වෙලා ඉදපු ආරෙන් ඌට පහලින් ඉදපු තමිදුට ඇස් දෙක කරකවල සෝ ඩන් ලුක් එකක් දුන්නා. එකව්න්ටින් මිස් නැති නිසාම මුළු පන්තියේම කොල්ලො එක එක වැඩ. මුළු කොමර්ස් ක්ලාස් එකම සති පොල වගේ සද්දෙ. ඔය අස්සෙ ක්ලාස් මොනිටර් ඩයල් එක කන්නාඩි දෙකත් උස්ස උස්ස ක්ලාස් එකට දුවගෙන ආවෙ හරි හදිස්සියෙ.
"පිනා එනෝ..........!"
ඉතින් කොල්ලො සේරම සයිලන්ට්.ඩෙස් උඩයි අතන මෙතන ඉදපු උන් දැන් හරියට තම තමන්ගෙ තැන් වලින් වාඩි වෙලා. පොතුත් පෙරලන්ලු. හැබැයි විනාඩියක් දෙකක් ගියත් ප්රින්සිපල් නම් ආවෙ නෑ.
YOU ARE READING
කඩදාසි රොකට් | PAPER ROCKET .
Romanceමම කිව්වෙ නෑ උඹට මට ආදරේ කරපම් කියල, කිව්වෙ මම උඹට ආදරෙයි කියල විතරයි !