07 කොටස.

76 9 10
                                    

මූණෙ පාලුව යන්නම වගේ තිබුණ ලොකු බෝල ඇස්, ලාවට කැරලි ගැහිච්ච දර පාට කොන්ඩයක් තිබුණ බටු ඇටයක් වගේ අහිංසක පාට අවුරුදු හයක කොල්ලෙක්. කොල්ලගෙ ලොකු ඇස් නිසාම බැලූ බැල්මට කොල්ලට තිබුණෙම බෝනික්කෙක්ගෙ වගේ පෙනුමක්. අලුත් ස්කූල් එකක එක වසරට භාර දුන්න පලවෙනි දවසෙම ක්ලාස් එකේ දොරේ එල්ලිලා අම්මා ගේට් එකෙන් එළියට යන දිහා අර බෝල ඇස් වල කදුළු පුරවන් බලන් ඉද්දි, එතනට ආවෙ අර බටු ඇටේ වගේ ඉදපු චූටි කොල්ලට වඩා අගලක් විතර උස හරි සීතල පෙනුමක් තිබුණ පොඩි ඇට්ටර පාට කොල්ලෙක්. ක්ලාස් එකට ආපු වෙලාවෙ ඉදන් මේ බෝනික්කෙක් වගේ පොඩි කොල්ලා එක්ක අනිත් ළමයි යාලු වෙන්න හැදුවත් කොල්ලට මේ වෙලාවෙ ලොකුම ප්‍රශ්නෙ වෙලා තිබුණෙ නම් එයාව ස්කූල් එකේ දාල අම්මා ගෙදර යන එක.

"ඒයී.."

දොරේ එල්ලිලා ඉදපු කොල්ලා ඇස් දෙක අත් දෙකෙන්ම පිහිදන ගමන් අර ඇට්ටර පාට කොල්ලා දිහාට හැරුණෙ නහයත් 'සුරුස්' ගාල උඩට අදින ගමන්.

"ඇයි ඔවා අඩන්න හතන්නෙ ?"

අර ඇට්ටර පාට කොල්ලා එහෙම අහද්දිම අර අහිංසක පාට කොල්ලට අමතක වුණු දෙයක් මතක් වුණා වගේ ආයෙම අර බෝල ඇස් වල කදුළු පිරිලා දිලිසෙන්න ගත්තා.

"හයිඕඕඕ. ඔවා ආයෙම අඩන්ලනෙ හතන්නෙ. ඔවාට ලාළුවෙක් වත් නෑද?"

අර ඇට්ටර කොල්ලා ආයෙම එහෙම අහද්දි අනිත් කොල්ලා නෑ කියන්න වගේ ඔළුව දෙපැත්තට වැනුවා.

"ඔවාගෙ නේම් එක මොතත්ද. මම නම් තුහාන්.. ආ නෑ නෑ රුහා..න්?"

"න්.. නාතිනික්."

දොරේ එල්ලිලා ඉදපු කොල්ලා තාමත් වේළිලා නැති ඇස් වල කදුළු පිටින්ම ඇස් උස්සලා චූටි රුහාන් දිහා බැලුවම කොල්ලා ආරෙන්ගෙ අතින් අල්ලගෙන ක්ලාස් එක ඇතුලට එක්කන් ගියා.

"ඒනම් මන්  ළගින් වාඩි වෙමු. යන් යන්. ඔවා ඕම වව්ලෙක් වගේ දොලේ එල්ලිලා ඉත්දි හරි කැතයි. ඒතයි මං ඔවාව එක්කම් යන්නෙ හලිද ඔවා බෝනිත්තෙක් වගේ නිතා නම් නෙමෙ."

අර ඇට්ටර කොල්ලා පොඩි බටු ඇටයගෙ අතිනුත් ඇදන් ගිහිම් ලා නිල් පාට තීන්ත ගාපු ඩෙස් පේලියේ අයිනෙන්ම ඉන්දුවේ කොල්ලත් ඒ ලගින්ම වාඩි වෙද්දි.

කඩදාසි රොකට් | PAPER ROCKET .Where stories live. Discover now