" ඔබගේ දෙනෙත් මකර මාණික්‍ය මෙන් නිල් පැහැයෙන් දිලිසෙනවා..."
නරි කන් තියෙන රතට හුරු දුඹුරු හීනී ඇස් දෙකක් නිල් ඇස්වලට එබිලා කියනකොට නිල් ඇස්වල අයිතිකාරියගේ ඒ නිල් ඇස් හිනාවට පුංචිවෙලා ගියා..
" නවත්තන්න ඔබේ කවටකම්...හැමදාම ඔබ මාව රවටගන්නේ ඔය පෙම් බස් වලින් තමයි...අමතක නොකරනු අපි දැන් දරු දෙදෙනෙකුගේ දෙමව්පියන් වග !! "
නිල් ඇස් තැනැත්තිය දුඹුරු හීනි ඇස් තියෙන තැනැත්තාගේ අතට ගහන ගමන් කියලා හිනාවෙනකොට ඔහු ඇයව තදින් තුරුලු කරගත්තා..
" තව දරුවෙකු මා හට වැඩි නෑ !! "
තරුණියගේ දෙතොල් ළඟම ඉදන් කිව්ව ඔහු ඒ දෙතොල්වලට ලන් වෙන්න හදනකොටම දොර ලගින් ඇහුන සද්දේ නිසා දෙන්නාම එලියට දුවගෙන ගියා..
" සයිරන් !! සයිරන් !! "
එලියේ ඉදන් කෑ ගහන තරුණයාගේ එකම හා හොඳම යාළුවා දිහා පුදුමෙන් බලන් දෙන්නාම ඉස්සරහට ආවේ එයාලා කවදාවත්ම ඔහුව මෙතරම් කලබලකාරි විදියට දැකලා නැති නිසායි..
" මොකද කේන්...ඇයි මේ කලබල වෙලා ??"
" සයිරන් ඔවුන් ඔබලාව සොයාගෙන...මාලිගාවේ සෙබළු ඔබලව සොයා ගමේ මිනිස්සු මරා දමනවා !! "
" කුමක්ද ?? "
තරුණිය බයෙන් ඇඟ වෙව්ලන ගමන් අහනකොට තරුනයා ඇගේ අතින් අල්ලගත්තා..
" ඔවුන් දැනගෙන ඔබලා ඉන්නේ මේ ගමේ වග..ඔබ ඔවුන්ට බාර නොවුනොත් මුලු ගමේම මිනිසුන් මරා දමන බවට කියමින් සෙබලු පොඩි දරුවන් පවා ඝාතනය කරනවා !! "
තරුණිය දිහා දුකෙන් බලන ගමන් කේන් කියනකොට ඇගේ ඇස්වලින් එක දිගට කඳුලු බේරුනා...එයා තීරණය කරන්න ඕන තමන්ගේ පවුලද ගමද කියලා...කොච්චර අමාරු උනත් ඒ දෙන්නාම මේ දවස බලාපොරොත්තුවෙන් හිටියා..හැමදාම හැංගිලා ඉන්න බැරි බවත් කවදාම හරි අහුවෙන බවත් එවිට ඔවුන්ගේ මරණය නියත බවත් එයාලා දැනගෙන හිටියා..ඒත් මෙච්චර ඉක්මනට ඒ දවස උදාවෙයි කියලා දෙන්නාම හිතුවේ නෑ...ඇරත් දැන් ඔවුන් දෙන්නාටම දරුවන් සිටිනවා...කොහොමද තමන්ගේ කුසෙන් වදාපු දරුවන්ව අනතුරේ දාන්නේ...
YOU ARE READING
PETALS of The SWORD || TK
Fantasyසාතන් කෙනෙක්ව දේවරූපයක් කරන්න, පුංචි අගය කිරීමකට පුලුවන් !! කඩුවේ මල්පෙති.. Petals of the sword #teakook #top taehyung #bottom Jungkook