පුලුන් කුට්ටි වාගේ වලාකුළු අස්සෙන් එබෙන ඉර එළියට කඳු මුඳුන හරිම ලස්සනට පේන්නේ..
පාට පාට කැලෑ මල් බලාන ඉන්නෙම ඉර එලිය වැටෙනකන්, පාට තවරන් පිපෙන්න..
තණ පඳුරු පවා දිලිහෙන්න ගන්නවා පිනිබිඳු ටික වාස්ප වෙලා යනකන්ම!එහෙව් ලස්සන වටපිටාවක ජීවත් වෙද්දි, හිතේ දුක් ගිනිත් හරිම පුදුම විදිහට අතුරුදහන් වෙලා යනවා..
ඒක ඇත්තටම මායාවක්!
හරිත ලෝකේ විතරක් තියෙන මායාවක්.." අදීර!! වරෙන් යකෝ සිහියට.. "
කෑවා! කෑවා!!
ලස්සන මනෝලෝකේ කෑවා මේ බූරු සහනා!!!" දියන් ඔය අත කොලුව.. මදැයි මම එකෙක්ව ගෝලයට ගත්තා.. ඒකා අත් උදව් දෙන එක පැත්තක තියලා මනෝ ගහනවා.. "
" උබ ඉතින් දන්නෙම මට ආඩපාලි කියන්නනේ.. "
ඒකට හොඳම එකෙන් රවලා මම ආයෙම හරි සිහියෙන් උදව් කරන්න ගත්තා..
සහනා හරි ලස්සන කැටයමක් කපනවා.. දන්න තරමින්නම් සුද්දෙක්ට.. එක එක ප්රමානයේ නියන් ටික අරන් හරිම පරිස්සමෙන් ඒකා කැටයම කපනවා.. මට ඉතින් ඕකට කරන්න පුලුවන් උදව්වක් නෑ.. එහෙමයි කියලා මේකා මට පාඩුවේ ඉන්න දෙන්නෙත් නෑ..
ඒකාට අත් උදව් දෙනවට වඩා මම කරන්නේ මෙතන ඉදන් ඒකගේ පාලු මකන එකනේ..
මෙහෙමයි මගේ අමනාපයක් නෑ තනි මකන්න.. මොකද ඒකා මස් කුට්ටි පිරුණු හැඩි දැඩි ඇග එලියේ දාගෙන ඉන්න නිසා මටත් බලන්න දේවල් එමටයි!
" සහන්.. අපි සාප්පුවක්වත් දාමුද? "
" සාප්පුවක්? "
" ම්ම්... අර මිනිහාට අඩුවට ඔව්වා විකුණන්නේ නැතුව එක සැරේ අපිම එකක් දාමු.. "
" මේ ටවුමට සාප්පු දෙකක් වැඩි බන්.. අනික ඒකාගේ බත් පතට ගරහන්න මම කැමති නෑ.."
ඕන් ඕක තමා ප්රශ්නේ!
ඇත්තටම සහනා හොඳ වැඩි.. සහනාට මෙහෙම වඩු වැඩ කරලා මහ ගානක් උපයන්න බෑ.. ඒත් එහෙමයි කියලා ඒකාට ඕනි කමකුත් නෑ ටවුමේ ලොකුවට දෙයක් කරන්න..
කවුරු කොහොම වුනත් සහන් කියන්නේ බඩේ බොක්කේ තියෙන දේ හරි හාර අවුස්සලා දෙන එකෙක්ට..
YOU ARE READING
හුළු අත්ත | Complete ✔
No Ficciónහුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03