𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 10

103 14 5
                                    

.
.

"I'm going to leave china babe... are u ready to come with me.. "

වෙනදා වගේ නෙමෙයි......අද ඒ නෝට් එකේ තිබුනේ ප්‍රශ්නයක්.....කවුද මේ...?? මන් මෙයා එක්ක කොහෙ යන්නද..... ??

නෝට් එකත් එක්කම තිබ්බ මලත් අරන් ඇතුලට ආව මට... වෙනදා වගේ ඒ මට වාස් එකට දාන්න සිහියක් තිබ්බේ නෑ..... ඔලුවටත් මේ දවස් ටිකේ කිසිම නිදහසක් නැති වෙද්දි මන් ෆ්‍රිජ් එක ගාවට ගිහින් හත් අවුරුද්දකින් කාපු නැති එකෙක් වගේ එක හුස්මට වතුර බෝතලයක්ද බීලා ඉවර කලා....

"කූක්.. කූක්...."

ඔලුව ගිනි අරන් හිටියට ඉතින් මගේ සුදු කොල්ලට කන්න දෙන්නත් එපැයි....ටැනියා මගේ කකුල දෙක ගාව කැරකෙද්දි මන් එයාගේ පිගානට ඩෝග් ෆුඩ් ටික්කුත් දාලා සෝෆා එකේ හාන්සි උනා....

ඒ මනුස්සයා මාව අරන් යයිද....අනේ..හ්හ්.. මං....මං.... මොකද කරන්නේ... මේ වැඩේ කරන්නේ අර කැෆේ එකේ මිනිහා කියලාමයි මට හිතෙන්නේ..... එහෙම වෙන්නත් බෑනේ.... බොරුවට සැක කරන්න හොද නෑ..... අනේ ඒත්....😣

අනේ මන් කාටද මේක කියන්නේ....පොලීසියට කියන්නත් හිතෙනවා....ඒත් උන් මේක ගනන් ගන්න එකක් නෑ... අනේ මගෙ හියුන්වත් හිටිය නම්...🥺

ගෙදෙට්ට කෝල් කරලා මේ ගැන කිව්වත් එයාලට මේ දේවල් එච්චර වැදගත් වෙන්නේ නැති වෙයි කියලා හිතුන මන්... මන් මුලින්ම ජිමිනට කෝල් එකක් ගත්තා... කොහොමද හියුන්ග්ලට මන් කතා කරන්නනේ හිටියේ...

.................................

"ජි..ජිමිනා.... මේ මං තේහ්‍යු..."


"අනේ ඉතින් මේ උබ කියලා මන් දන්නවා බන්... මොකෝ මේ ගැහි ගැහි වගේ කතා කරන්නේ.... උණක්වත් හදාගත්තද.... "


"අනේ නෑ.... ඔයා වැඩකද චිම්.... නෑනේද... "


"නෑ බන්... ඇයි මේ අවුලෙන් වගේ... මොකක් හරි ප්‍රශ්නයක් ද... "


*මටත් ඉතින් දුක හිතුනම ඇයි කියලා අහන පමාවට ටැප් එක ඇරෙනවා නේ.... *


"අ..හ්..අ..නේ... ම..ට කුකීට ක්..කතා...කරන්න ඕනේ..හ්හ්.... "


"ඒ..ඒ....ටේ...අනේ අඩන්නේ නැතුව හිටපන්... කුකියා ගෙදර නෑ... බිස්නස් වැඩකට රටින් පිට ගියා.... අඩන්නේ නැතුව මොකෝ උනේ කියන්නකෝ..... "

𝑫𝒆𝒗𝒊𝒍'𝒔 𝑩𝒂𝒃𝒚 𝑩𝒐𝒚 💜🖤Where stories live. Discover now