සිහින හා ඇස්බැන්දුම් අතර වැඩි වෙනසක් නැති බව රුඕ යී පළමු වරට තේරුම් ගත්තේ ය. මේ ඔහු ඇස්බැන්දුමක් අතරට ගමන් කළ පළමු අවස්ථාවයි.
චකිතයෙන් මෙන් ඝණ මීදුම තුලට ඇවිද ගිය ඔහු, කෙමෙන් දුමාරයෙන් පිටතට පැමිණියේ ය.
හිරු එළිය වසාගෙන පැතිරුණු තුරු වියනකින් සැදුම් ලත් කුඩා වන ගොමුවක් තුළට ඔහු ඇතුළු වී තිබිණි. මායාවක් වුවද එය සජීවී ලෙස දැණුනු හෙයින් ඔහු චකිතයට පත් වූයේ ය.
ඔහුගේ පටුපසින් පැමිණි සගයාගේ ඇඟේ හැපෙන තුරුම, තමා තනිව නොසිටින බව රුඕ යී ට සිහිපත් වූයේ නැත. දින් ශුඒ, තමා සේම විමතියෙන් හා කුතුහලයෙන් මුව විවර කරගෙන සිටින අයුරු දුටු රුඕ යී මඳ සිනාවක් පෑවේ ය.
ඈතින් පෙනෙන භූමි දර්ශනය ඔහුට හැන් ගම්මානයේ පියා සමඟ දර සොයන්නට වනයට වැදුණු අත්දැකීම් සිහිපත් කළේ ය. මිතුරන් සමග සෙල්ලම් කරන්නට වන වැදුනු සුන්දර මතකය ඔහුගේ හදවත දවන්නට සමත් විණි. මඳක් ඇවෑමෙන් කණ්ඩායමේ සෙස්සන් ද කෙමෙන් එහි පැමිණි නමුත්, සෙවීම ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න ගැන කිසිවෙකු තුළත් අවබෝධයක් නොවීය.
"ආපසු බලන්න. ඔබට ආධ්‍යාත්මික ශක්තිය වැඩි කොයි දිශාවෙන්ද කියලා හොයාගන්න පුළුවන් වේවි." ජ්‍යා ලී, ලින් මෙයිගෙන් ඉල්ලා සිට්යා ය. එහෙත් ඇය බලාපොරොත්තු කඩ වූ පරිද්දෙන් හිස සැලුවා ය.
"බැහැ. මේ මුළු ඇස්බැන්දුමම තනිකර මායාවක්. මෙතැන සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිලා. ඒක නිකන් මුහුදක් මැද වතුර බින්දුවක් හොයනවා වගේ වැඩක්."
"බෙදිලා යමු." දින් ශුඒ යෝජනා කළේ ය.
"ඒක අනතුරුදායකයි. අපි දන්නෙ නෑ ඉස්සරහට මොන වගේ දේවල් තියේවිද කියලා."
"එතකොට කොහොමද අපි පසුම්බිය හොයාගන්නේ? මේ තැන ඕනෑවටත් වඩා විශාලයි!"
"මං හිතන්නේ මම දන්නවා!" රුඕ යී හදිසියේම හඬ නැගුවේ ය. "අපි යන්න ඕනෑ උතුරු පැත්තට! ඒ කියන්නේ කඳුකරය පැත්තට!"
පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සියළුම දෙනාගේ දෑස් තමා වෙත යොමුවී ඇති බව ඔහුට දැනිණි. ඒ හැඟීම නිසා ඔහු මඳක් අපහසුවට පත් විය. එහෙත් පැකිළීමෙන් වුවද, රුඕ යී කරුණු දක්වන්නට පටන් ගත්තේ ය.

YOU ARE READING
සදාතන ආරෝහණය (Eternal Ascension : The chronicles of Ruo Yi )
Fantasiaරුඕ යී, දසවන වියේදී සිය ජීවිතය කණපිට පෙරළන ලද අත්දැකීමකට මුහුණ දෙයි. ඔහුගේ අරමුණ වූයේ ලින්ග්‍යුන් විද්‍යාලයට ඇතුළු වී ධ්‍යානවේදය ප්‍රගුණ කිරීමයි. ඔහුගේ ජීවිතය, ඔහුවත් නොදන්නා අබිරහස් රැසකින් වටවී ඇත. නේකවිධ අත්දැකීම් ලබමින් යන ජීවන චාරිකාවේදී ඔහුට...