" ශනූ.... ඔක්කොම හරිද?"" ඔව් හරි මන් මගදි බඩගිනි උණොත් කියල මේක ගත්තා.."
" washroom එහෙම ගියානෙ.."
" ඕ ඒවා ඔක්කොම ශරි බ්රෝ...... "
" අම්මලට කෝල් එකක් දීලා කියන්න අපි පැය දෙක තුනකින් එනවා කියල...."
මන් යසිරු බොසා එක්ක ගෙදර යන ගමන්...සේවා පියසෙන් එළියට දැම්මා විතරයි. යසිරු අයියා කිව්ව විදියට මන් අම්මලට කෝල් එකකුත් අරන් වගතොගත් කියල එහෙම්ම ආර්යු අයියටත් mg එකක් තිව්වා. ඒ මනුස්සය මූණ පුම්බන් හිටියෙ එනකොටත්.
යසිරු අයියා එක්ක ගමන් යන එක හෙන ජොලි කියල දැනන් හිටියෙ නෑනෙ. කාර් එකේ සින්දු දාගෙන sunglasses දෙකකුත් දාගෙන නළුවා වගේ චිල් එකේ යන්නෙ. ඒ යන අතරමගදි සින්දුව පොඩ්ඩක් අඩු කරන ඔය දකින දෙයක් ගැන හරි මතක් වෙන දෙයක් ගැන කියවනව.. ආයෙ කියන්න දෙයක් මතක් වෙනකල් සින්දුවේ සද්දෙ වැඩි කරනවා..මට ඉතින් ඇහැරිලා යන්න පුලුවන් එකක් යෑ.බොවෑක්.....
ශොපින් එක අතේ තියන් ඉන්නෙ..කොයිවෙලේද කියන්න බෑ.. අනික කෑව නිසා බඩ අවුල්..දෙයියොම බලන්න ඕනෙ මෙව්වා නන්..වොමිට් කියන වචනෙ මතක් වෙද්දි මට වොමිට් වෙන්න එනවා..නිදාගන්න කියල ඇස් දෙක වහගත්තත් මේකා කියවන හින්දා බෑනෙ.
යසිරු අයියා හෙන පණ්ඩිතයි.කතා කරන්න ගත්තම ඉතින් උපදෙස් තමා දෙන්නෙ..මග දිගට මහරු අයියටත් බැන බැන ගියා. තිසාන් අයියව නන් මුගෙ හිතට අල්ලල..ඒත් දැන් දෙන්නා තරහයිනෙ...
" මට නන් තේරෙන්නෑ බන් අපේ එකා ගැන.. මූ මේවා කොහෙන් ඉවර කරගනීද මන්ද.."
" ම්ම්ම් "
" අන්තිමට මම තමා කොහෙන් ගියත් අහුවෙන්නෙ... සමථ මණ්ඩලේ වගේ නිකන්.ඕකට නන් පැනල යන්න තමා වෙන්නෙ මොකෙක් හරි එක්ක.."
" ඔව්නේ.."
" දැන් ඌ ඉන්ඩියා යන්නෙ තිසාන් එක්ක තරහ වෙලාද... අනේමන්ද මට නන් තේරෙන්නෑ..ඕනෙ මඟුලක් කරගනී..කෙලෝගෙන එයිනෙ අඬාගෙන... අඤේ අයියේ ගාගෙන...ඇඳුම් ටික ගලෝලා අන්නාසිවත්තක් මැද්දෙන් ඇදගෙන යනවා ගිනිපුග් ගාය අඩුවෙයි එතකොට .."

YOU ARE READING
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION (ONGOING) BL
Non-Fictionඅයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍