🌊 imprisonment

748 134 7
                                    

*කව්ද එ කෙනා ඇයි මන් දිහා අමුතු විදියට බලන් හිටියෙ* taehyung හිතුවෙ පපුවට අතකුත් තියාගෙන බයෙන්...

"Hyung අර taehyung" බයෙන් ගැහි ගැහි පිටි පස්ස හැරිලා ඉන්න taehyungව මුලින්ම දැක්කෙ jimin..

"අනෙ දෙයියනෙ මේ කොල්ලා අපිව කොච්චර බය කලාද...යමු අපි එයා ගාවට"yoongi jiminයු‍යි taehyung ලගට පිනගෙන ගියාත් taehyung හිටියෙ වෙන සිහියකින් නිසා yoongi jiminයුයි එයා ලගට පිනගෙන ඇවිත් නවතිනකන් taehyungට දැනුනෙ නැ...

"Taehyung..."jimin taehyungගෙ උරහිස්සට අතක් තියලා කතා කරපු පාර මහා හයියෙන් කෑ ගහාගෙන ඉස්සරහාට හැරුනා...taehyungගෙ කෑ ගැහිල්ලට jiminයුයි yoongiත් හොදටම බය උනා...

"මොකද උනෙ taehyung ඇයි මේ බය වෙලා..." yoongi ඇහුවෙ taehyungගෙ ලගට යන ගමන්...

"අහ්හ් මු මුකුත් නැ hyung මන් බය උනා එක පාරටම මගෙ උරහිස්සට අල්ලනකොට මන් හිටියෙ වෙන කල්පනාවක..."එහෙම කියලා taehyung හිනා උනා...

"හරි එවා දැන් අපිට කතා කර ගන්න පුලුවන් මාලිගාවට ගියාම...අපි යන් අපි දෙන්නාට දැන ගන්න ඕනෙ අපිව  බය කරලා ඔයා කොහෙද පැනලා ගියෙ කියලා..."jiminයුත් yoongiත් taehyungයුත් රාජදානියට ගියා...

තුන් දෙනාම කාමරෙ තියෙන ගල් තුනකින් ඉද ගත්තා...jimin මුලින්ම taehyungගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා...

"Taehyung එක පාරටම ඔයා කොහෙද ගියෙ අහ්හ් අපි කොච්චර ඔයාව හෙව්වද ඇයි අපිව මෙහෙම බය කලෙ..."

"අනෙ ඇත්තටම මට සමාවෙන්න මට ටිකක් තනියෙන් ඉන්න ඕන උනා ඉතින් මන් ටිකක් පිනන්න ගියා..."taehyung බොරුවක් කිව්වා...

"ඔයා දන්නවද ඔයා අද රාජදානියෙ තිබ්බ එක නිතියක් කැඩුවා..ඔයා අද අපිට පිනන්න දිලා තිබ්බ සිමාවෙනුත් එහා ගියා...දන්නවනෙ එ සිමාව අපි කැඩුවොත් අපිට දෙන දඩුවම අහ්හ්...jimin කිව්වෙ ගොඩාක් කෙන්තියෙන්...

"හරි මන් කිසි ප්‍රශ්නයක් නැතුව ආවානෙ..."

"ඉන්න මන් අපි තුන් දෙනාටම බොන්න මොනවා හරි අරන් එන්නන්" එහෙම කියලා jimin taehyungගෙ ඔලුවට තට්ටුවක් දාගෙන ගියා...

"Hyung මට අද පුදුම වැඩක් උනානෙ"taehyung කිව්වෙ yoongi ඉන්න දිහාව හැරෙන ගමන්...

DESTINY🌊Where stories live. Discover now