මගේ ප්‍රේම කතාවේ අවසන් හෝරා කිහිපයට ලං වෙලා ඉන්න මේ මොහොතේ ඔබේ හදවතට දැනෙන්නේ මොනවා ද ? මගේ ජීවිතය තුලින්....ඔබ ඔබේ ජීවිතය දුටුවාද? මගේ ජීවිතයෙන් ඔබේ ජීවිතයට ගත යුත්තක් තිබෙනවාද?
මගේ හිත බෝපේ ළඟ නතරවෙනවාට ඔබ කැමතිද ? අකමැතිද ? මගේ තීරණය කුමක් නමුත්.... මම ඔබට එක දෙයක් පැහැදිළිව කියන්නට කැමතියි.... සේනා.... සොනාෂ්ට හැමදාමත් ආදරෙයි... එදත් අදත් ඉදිරියටත් ආදරෙයි... ඒ ආදරේ හරියට මගේ සිරුර පුරා දුවන රුධිරය වගේ.
" ඒයි සින්ඩරෙල්ලා...."
" ම්ම්ම් ?"
" හෙට මා එක්ක ඩිනර් වලට යන්න එනවද ?"
විහාන් අහපු ප්‍රශ්ණයට මට එකපාරටම හිනා ගියා.
" ඉතිං හිනා වෙනවා! මම විහිළුවක් නෙවෙයි කිව්වේ... එනවද ?"
" මෙච්චර දවසක් හැමදාම රෑට මේ හෝටලේ ඇතුලේ මම ඔයා එක්ක නෙවෙයිද ඩිනර් ගත්තේ එතකොට ? "
" ඕකනේ ඉතිං.... මට පොඞ්ඩක් වැරදුනා....පොඞ්ඩක් ඉන්න පැහැදිළි කරන්නම්...."" හා කියමුකෝ බලන්න...."
" මේකයි.... ඩිනර් වලට එන්න කිව්වේ අපේ අම්මි.... අපේ ගෙදරට...හෙට දෙකට වගේ මෙහෙන් යමු...."
" ඒ මොකද එකපාරට ? "
" එකපාරට නෙවේ සින්ඩරෙල්ලා.... ඔයා මෙහේ ආව දවසේ ඉඳන්මයි අම්මි කියන්නේ ඒ පැත්තේ එක්කන් එන්න කියලා.... ඒ දවස් වලම ඒක ඔයාගෙන් ඇහුවා නම් එහෙම මම ඔයාගෙන් මරුම් කාලා මෙලහකට"
විහාන්ගේ කතාවට මම යලිත් වතාවක් හිනා වුණා.
" හොඳ වෙලාවට කොල්ලට චුට්ටක් විතර මොලේ තිබිලා..."
" ම්ම්ම්...."
" එහෙනම් හෙට අපි යමුකෝ...."
BẠN ĐANG ĐỌC
The everlasting memories of love ( Sinhala Romance)
Lãng mạnමටත් තිබුණා ප්‍රේමයක් - The everlasting memories of love ( Sinhala Romance) සේනානි ,සොනාෂ් ,ඒන්ජල් යනු මගේ ජීවිතයේ මට මුණගැසුණු සැබෑ චරිත තුනකි. ඔවුන්ගේ තුන්කොන් ප්‍රේම කතාව අලලා මා විසින් ගොඩ නගන ලද මෙම "මටත් තිබුණා ප්‍රේමයක්" අසම්මත ප්‍රේම කතාව ක...