මටත් තිබුණා ප්‍රේමයක් Chapter 37- The everlasting memories of love

483 45 14
                                    

ගැහැනියකගේ හදවත දිනාගන්න.... පිරිමියෙක් තරමක් බොළඳ වුණාට මොකද? ඒ බොළඳ බව තුල තියෙන්නෙත් ආදරය විතරම නම්? වචනයකින් නොකිව්වත්.... මට හිතෙන්නේ ගැහැණු කැමතියි පිරිමි හිතක් ඒ විදිහට තමුන් ළඟ සංවේදී වෙනවට. හැමදාම නැතත් ඉඳලා හිටලා හරි ඒ ආදරේ පෙන්වනවාට.වසරක පමණ කාලසීමාවක් තිස්සේ මගේ ව්‍යාපාර කටයුතු සමඟින් සම්බන්ධ වුණු විහාන් ඒ සියළුම වගකීම් වලින් මිදිලා මගෙන් සමුගන්න කාලය ටිකෙන් ටික ලං වෙමින් තිබුණා.


"‍සින්ඩරෙල්ලා.... මම හිතුවා ඔයා මෙතන ඇති කියලා....මොකද මෙතනට වෙලා තනියෙම කල්පනාව....මම අද යන එක ගැන ඔයාට දුකයිද?"‍


ඒ මොහොත වෙද්දී ඇත්තටම විහාන්ගේ සමුගැන්ම මගේ හදවතේ ඇති කරලා තිබුනේ සිතාගත නොහැකි පෙරලියක්.... "‍ සමුගැන්ම..."‍ඒ වචනය අහන්නත් මගේ හදවත බිය වුණා.


"‍ ඔයා යන්නේ හැමදාටම නෙවෙයි නේ.... අපි ආයේ දවසක මුණගැහේවි...."‍ මම ඒ විදිහට නිවුණ සිතින් විහාන් දිහා බලාගෙන පිළිතුරු දුන්නා.


"‍ හ්ම්ම්.... ඔහොම කිව්වට අදින් පස්සේ ඔයාට මගේ උදව් ඕනේ නැති වෙයි නේද සින්ඩරෙල්ලා....ඔයාට මාව අමතකම වෙලා යාවි....කොහොම වුණත්....මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ....මට ඔයා ගැන ආඩම්බරයි....ඔයා තමයි මම හදපු මගේ පළවෙනිම ගෝලයා....ඔයා හරිම දක්ශයි....මට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්...."‍


"‍ තැන්ක්යූ විහාන්..... කරපු උදව් වලට....ඔයා නිසා මගේ ගමන හිතුවාටත් වඩා ලේසි වුණා...."‍


විහාන්ගේ සමුගැන්ම මගේ දෑස් වලට පුංචි කඳුලක් එකතු කරන්න උත්සාහ දැරුවත්....ඒ මොහොතේ ඒ හැඟීම මම එයාගේ ඇස් වලින් වසන් කරගන්න විශාල උත්සාහයක් දැරුවා.


"‍හ්ම්ම්..... යන්න කලින් ..... ඔයාට බඩුවක් දෙන්න තියෙනවා...."‍


"ඒ මොකද්ද?"


"‍ ඔයා ඔහොම ඉන්න.... බඞ්ඩ තියෙන්නේ මගේ කාමරේ...... මම අරගෙන එන්නම්......"‍තත්පර කිහිපයකට ටෙරසයේ තනි වුණ මම....යලිත් දොර අසලින් මතු වුණ විහාන්ගේ අතේ තිබුණ රිදී පැහැති තරමක් විශාල කාඞ් බෝඞ් පෙට්ටිය දිහා කුතුහලයකින් බලාගෙන හිටියා. ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා මට නිකමටවත් හිතාගන්න බැරි වුණා. පෙට්ටියත් අතේ තියාගෙන මගේ ළඟින් හිටගත්තු විහාන්.... කවදාවත් නැති විදිහට මගේ දිහා හැඟීම බර මුහුණකින් බලාගෙන හිටියා. ඒ බැල්මට මගේ හිත ලැජ්ජාවෙන් පිරිලා යන තරමටම එයා මා දිහා බලාගෙන හිටියා.


The everlasting memories of love ( Sinhala Romance)Where stories live. Discover now