ලස්සනට වටකුරුවට පායපු හඳ එළියෙන් එළිය උනු විලක්, හඳ එළියෙන් නෑවිලා හමන මඳ සුළඟින් නැලවෙන රෝස පාට නෙළුම් මල්, විල් ජල තරංගවල තාලෙට පැද්දෙන මල් වලින් සරසපු ඔරුවක්, ඔරුව මැද සේද පට සළුවලින් වටවුනු පුංචි කුටියක්, ඒ මැද ඉඳන් ඉන්න ලස්සන කෙල්ලක්... (පොඩ්ඩක් හෝව්... ඒ... ඒ... ඒ මමනේ😁)
ඒ කෙල්ලට ඉස්සරහින් ඉඳන් ඉන්න කොල්ලෙක්...(අයියෝ හුළඟට පැද්දෙන රෙදි කෑලිවල හෙවණැලි වැටිලා ඒ මූණ අඳුරු වෙලා😏) හීනියට වැටෙන වැහි පොද විල් දිය සිප ගන්න සද්දේ ටික වේලවකට හිත අතරමං කරනවා වගේ.
ඒ අතරේ... අර ලස්සන කෙල්ල ඉස්සරහින් වාඩිවෙලා ඉන්න කොල්ලා හෙමිහිට හෙමිහිට කෙල්ලගේ මූණ ළඟට ළං වෙනවා... නෙළුම්මල් සුවඳත් එක්කම කොල්ලා ගාවින් එන අමුතුම සුවඳත් එකතු වෙලා. දැන්නම් කෙල්ල ටිකක් විතර බය වෙලා. (සූටි කැමැත්තකුත් හිතේ නැතුවාම නොවේ🤭) කෙල්ලගේ තොල් පෙති හිමිහිට වෙව්ලනවා... හදවතත් වේගෙන් ගැහෙනවා...
ඩග් ඩග්... ඩග් ඩග්... ඩග් ඩග්... ඔන්න එක පාරටම...😲
"යා... ඉම් වොන් හා... නැඟිටිනවා. අද college යන්නෙ නැද්ද ආ... මං ඔතනට එන්න කලින් ඉක්මනට නැඟිටිනවා..."
ඒ සද්දෙට මං ඔරුවත් පෙරලන් වතුරට වැටුනා. ඇස් ඇරලා බලද්දි හිටියේ ඇඳෙන් බිමට වැටිල.
ශික් අපරාදේ...
හීනෙ හොඳම සීන් එක. මේ ඔන්නිනම්...
පාන්දරම පටන් ගත්තා බෙලිකටු මල්ල හොලවන්ඩ. ඔන්නිලා ඉන්න හැමෝම මං වගේ වෙන්ඩ ඇති.
අසරණ මං... හීනෙන්වත් Kiss එකක් ලබාගන්ඩ පින නෑ🥺.
ඇත්තමයි අද Graduation එක නොවුණානම් හොඳට දවල් වෙනකම් නිදා ගන්ඩ තිබ්බා. මොනා කරන්ඩද ඉතිං. යන්නම වෙනවනේ. අදින් පස්සේ ඒ වදෙත් ඉවරයිනේ. ඒ නිසා කමක් නෑ.
ඇඳ අස්කරලා දාල ඉක්මනට Bathroom එකට රිංගලා දොර lock කරගත්තේ ආදරණීය ඔන්නිගේ වාග් ප්‍රහාරයකට නැවතත් ලක් වෙන්ඩ කලින්.
ඉක්මනින්ම හදිසි වැඩ කටයුතු ටික ඉවරකරලා, දත් ටිකත් මැදගෙන, නා ගත්තු මම කණ්ණාඩිය ළඟට ආවෙ කුරුලෑ ඵලදාව අඩුවෙලා සුට්ටක් පැහැපත් වෙලා ලස්සන වේගන එන මූණ සුට්ටක් බලන්ඩ කියලා😁.