"නූනා... ඔන්න මං අදත් ආව වද දෙන්ඩ..."
මොකක් කිව්වා... අනේ දෙවියනේ මාව බේරගන්ඩ🥺😭🙏
ඒම කෑගහගෙන room එකට ආවෙ Jimin ssi.
ආපු ගැම්මටම මාව දැකලා නතර වුණු එයා ටිකක් වෙලා මං දිහා බලන් ඉඳලා හිනා වුණා. මාත් දත් ටික පෙන්නලා මෝඩ තාලෙ හිනාවක් දැම්ම.
"ආ... ඔයා නේද අපේ Yoongi හ්‍යුංගේ අලුත් stylish නූනා. ආ...නූනා නෙමෙයි නේ... යොදොංසෙං කෙනෙක් නේද... මං Park Jimin. ඔයා..."
ආයෙමත් ලස්සනට හිනා වෙලා එයාව අඳුනලා දුන්න Jimin ssi මගෙ දිහා බලලා ඇහුවා.
"ආ... ම්... ම......මම ඉම් වොන් හා."
කොන්ද කැඩෙන තරමට නැමිලා ආචාර කරන ගමන් මං කිව්වා.
"ඕ... Yoongi හ්‍යුං... ඔයාගෙ අලුත් stylistනම් හරිම ලස්සනයි ආ... මං Kim Taehyung. සාදරයෙන් පිළිගන්නවා වොන් හාව. අපේ Yoongi හ්‍යුං ටිකක් විතර ඇණයක් ඔයාට ටිකක් පරිස්සම් වෙන්ඩ වෙයි."
එහෙම කියල Tae ssi බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා. Jimin ssi, Jungkook ssiත් ඒකට එකතු වුණා.
අම්මපා මුන් ටික එකතු වෙලා මාව තව බය කරනව. මං දැනටමත් ඉන්නේ පපුවෙ බිත්තර තම්බන්ඩ පුලුවන් size එකට බය වෙලා. මං ඉතිං බොරු හිනාවක් දාන් ඇඹරි ඇඹරි හිටියා.
ටිකකින් Namjoon ssi, Hoseok ssi, Seokjin ssiත් ආව room එකට. එයාලත් මුලින්ම එයාලව හඳුන්නලා දීල මගෙ විස්තර ටිකකුත් ඇහුවා. (ලෝකෙම දන්න Bangtanල ගැන මං දන්නෙ නෑ කියලා හිතලා නෙමෙයි. ඒක එයාලගෙ තියෙන වැදගත් මහත්මා ගතිය කියලා මට තේරුණා.)
එයාල එහෙන් මෙහෙන් විස්තර අහලා ඉක්මනට එයාලගේ chairs වලට ගියෙ තිබුණු තත්ත්වෙ ටිකක් විතර කාර්යබහුල නිසා.