වැඩ ටික ඉවර කරලා ගෙදර ඇවිත් ඇඳට වැටෙනකොට දැනුනෙ නිකම් දිව්‍ය ලෝකේ ගියා වගේ.
හම්මේ... මගේ one & only eternal luv එක මගේ ඇඳ. මං මැරෙනකම්ම ඔවාට ආදරෙයි වස්තෝ...
"යා... වොන් හා... දාඩිය පිටින් ඇවිත් ඇඳට වැටුනේ , යනව ගිහින් නාගෙන එනවා. ඒ කරලා කාලම බදා ගන්නවා ඕක."
ඔන්නි එක්ක ඉතිං luv කරන්ඩ වෙන්නෙ නෑ. මං එනවා පැටියෝ ඉක්මනටම ඔයා ගාවට.
Bathroom එකට ඉබි ගමනින් ගියපු මං සේරම ඇඳුම් ටික ගලවලා දාලා (ඒකනම් මවා ගත්තෙ නැතුවට කමක් නෑ🤭) 4n එකේ music player එක on කරලා shower එක යට ඉඳගත්තා.
මේ වෙලාව තියෙන්නේ මගේ ගායන හැකියාව දියුණු කර ගන්ඩ. ඔන්නි කියන විදියටනම් ඒ ගායන හැකියාව කොච්චර දියුණු වෙලාද කිව්වොත් මැරිච්ච මිනිස්සුත් නැඟිටලා දුවනවලු. ඒ උනාට මං සැලෙන්නෙ නෑ. මං දන්නවා ඔව්ව තනිකරම ඉරිසියාවට කියන කතා කියලා.
පැයක් විතර නාල, සිංදු කියලා එළියට ආපු මං ඇඳුමක් දාන් පහළට ආවෙ කන්න කියලා. ජූන් ඔප්පත් ඒ වෙලාවෙ ඇවිල්ලයි හිටියෙ. අපි තුන් දෙනා ඉතිං දවසෙ වෙච්ච දේවල් කියව කියව රෑ කෑම කෑව.
හල්මොනි එයාගේ පුතාලව බලන්ඩ Daegu ගිහිල්ලා. මොන ප්‍රශ්න තිබුණත් දැන්නම් අපි කස්ටිය සතුටින් ඉන්නවා වගේ දැනෙනවා.🙂
කාල ඇවිත් ඇඳට වැටුන මං 4n එක අතට ගත්තේ අද ගත්තු 4tos ටික බලන්ඩ. 4tos 200ක් විතර අරන් හැබැයි 10ක් විතර තමයි වැදගත් කියලා හිතන්ඩ පුලුවන් එව්ව තිබ්බේ😁.
ඒ අතරේ...
බොලේ yoongiyah...
මං මේක ගන්ඩ ඇත්තේ පොර අන්තිම 4tos ටික ගන්ඩ කලින් තිබ්බ break එකේදි ද කොහෙද. 🤭. අනාව් ඉතිං...😍