Chapter Four

690 162 17
                                    

Chapter four

වෙනදට වඩා පාන්දරින් ඇහැරුනු මම ඔන්නිගේ විමතියට පත් දෙනෙත් අතරින් ඉක්මනට ලෑස්ති උනේ අද දවස පුරාම කට්ට කන්න වේ දෝ කියන බයෙන්. (ඔන්නිනම් කියන්නේ 4to shoot වලට දුර යන එකනම් හරිම ජොලි කියලා. හැබැයි ඉතිං මේ වෙනකම් මේ ගෑනි කියපුවාගෙන් එකක්වත් ඒ විදියටම ඉශ්ඨ වෙලානම් නෑ.)

හරියටම 6.30 වෙද්දි team එකත් අරන් වෑන් එක ආව අපේ පාරට. වෙලාවට ඔන්නි කිව්ව හන්ද 6. 20ට විතර මං පාරට ආව. නැත්තන් සාමාන්‍ය මගේ theory එක අනුව පරක්කු උනානම් මම ඉඳලා ඉවරයි.

"ඕ... වොන් හා... මූණ මොකෝ නිකන් සුදුමැලි වෙලා. කලින්ම ඇහැරෙන්න උන නිසාද..."

බෝ රා ඔන්නි මගේ කම්මුල් දෙක අල්ලන් මිරිකන ගමන් ඇහුවා.

ඇත්තමයි මං අකමැතිම දේවලින් එකක් තමයි මගේ කම්මුල් මිරිකන එක. ඒත් ඔන්නිගේ මූණ බලාගෙන බනින්න හිතුන්නෑ. පළවෙනි දවසෙම ඔන්නි මගේ හිත ගත්ත නිසා කොහොමටත් බනින්න හිතුන්නෑ.

"ඔව්... මට කලින් නැඟිටලා පුරුද්දක්ම නෑ. මං ඉතිං කම්මැලියෙක් නේ😊."

"මේ බලන්නකෝ යූනා... මංනම් කියන්නේ අපේ yoongiyahට මේ පාරනම් හම්බෙලා ඉන්නේ එයාට ගැලපෙනම stylist කියලා. දෙන්නම කම්මැලියෝ"

බෝ රා ඔන්නි යූනා ඔන්නිත් එක්ක හිකි හිකි ගගා හිනා වුණා.

"හරි කස්ටිය තව පැය දෙකක් යද්දි අපි Location එකට යනවා."

Mrs. Kim ඉස්සරහා sheet එකේ ඉඳන් කෑ ගැහුවා.

location එකට යනකම්ම ඉතිං අපි කස්ටිය හොඳට කයියක් දාන් ගියා. ඒ පැය දෙක ඇතුලේ මං මගේ team එකත් එක්ක තවත් එකතු උනා කිව්වොත් හරි.

බෝරා ඔන්නි කිව්වා එයා Tae ssiගේ stylist උනාට hwarang drama එක බලද්දි Tae ssiට වඩා Park hyun sikටයි min hoටයි කැමැත්තෙන් හිටියා කියලා. ඒක කිව්ව විතරයි අනික් ඔන්නිලා ටික බෝරා ඔන්නිගෙ කෙස්ගස්වල ශක්තිමත් බාවය බලන්න ගත්තා. (hwarang නොබලපු මං ඉතිං බොරු හිනාවක් දාන් බලන් හිටියා.)

Location එකට අපි එද්දිත් අපේ කොල්ලො ටික ඇවිල්ලා. කස්ටිය Selfi ගහනවයි, video කරනවයි, විකාර ගොඩයි. ඒ අස්සේ ගත්ත 4tos වල ඇදයක් අල්ලන් රණ්ඩු වෙනවත් එක්ක.

~Untold Story~Where stories live. Discover now