Chapter 6

7 2 2
                                    

Leya

"ඔ.... ඔයා උප දෙවියෙක්ද?" මම ඇහුවේ මගේ සැකය තහවුරු කරගන්න ඕන නිසා.

"ඔව්" එයා දුන්න කෙටි පිළිතුරක්.

"කෝ මගෙ half sis?" Liam ඇහුවේ වටපිට බලන ගමන් මම හිතන්නේ එයා හොයන්න sofieව හරි Hailieව හරි වෙන්න ඇති. මම හිතනවා මෙයා ඇපලෝ ගේ පුතෙක් වෙන්න ඇති කියලා.නැත්තං සංගීතයෙන් මෙච්චර ඉස්සරහට යන්න බැහැනේ මෙයාට අපේ පිස්සු දෙන්නත් එක්ක ඉදලා පිස්සු නොහැදී තිබුනොත් ඇති. පව් අසරණයා.

"ඔයා ඇපලෝගේ පුතෙක් ද?" මම ඇහුවා.

"නෑ මට එයාගේ ආශිර්වාදය ලැබුණා" එයා කිව්වා.

"එහෙනම් ඔයත් අපි වගේ." මම කිව්වා.

"හේ මේ ඉන්නේ මගේ මල්ලි දැන් නම් ඉතින් හරියටම මගේ අයියා වගේ" තාලියා කිව්වා.

" ඒත් ඔයාගේ මල්ලි ජේසන් නේද?"  මටත් තවත් බරපතළ ප්‍රශ්නයක්.

" මේ ඉන්නේ මගේ අර්ධ සහෝදරයා. ලියම් මෙයා තමයි අපේ තාත්තගේ ආශිර්වාදය ලබපු කෙනා"  තාලියා කිව්වා විතරයි මෙයා තාලිය ටත් වඩා හයියෙන් මාව බදාගත්ත නැතෑ. කඳුළුත් ආවා ඒ බදා ගැනීම් සනීප කමට.

"ඔයාට දෙවිවරු දෙන්නෙක්ගේ ආශිර්වාදය ලැබුණේ කොහොමද?" ලියම් ඇහුවා. "සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බැහැ"  තාලියත් මගේ පර්සි දිහායි බැලුවේ එයාටත් ඒ ප්‍රශ්නම තියෙනවා වගේ නිසා වෙන්න ඕන.

"ඒකට හේතුව නම් මම දන්නෙ නැහැ ඒත් ගයියාගේ වැඩක් ඒක" පර්සි කිව්වා.

"එයා දේව මණ්ඩලයේ ප්‍රධාන උපදේශිකාව. එයාට සියුස්ගේ අණට පිටින් වැඩ කරන්න බැහැ." තලියා ගොරවන ගමන් කිව්වා.

"මම දන්නෙ නැහැ මට දෙවිවරු තුන්දෙනෙක් ගෙයි- ම්ම්....."මට ඉතුරු ටික කියන්න හම්බ වුනේ නැත්තෙ පර්සි එයාගේ අතින් මගේ කට වහපු නිසා.

" දෙවිවරු තුන් දෙනෙක්! අපි එහෙම දෙයක් අපි දන්නේ නෑනේ පර්සි?🤨" තාලියා එක ඇහිබැමක් උත්සන ගමන් පර්සි දිහා ප්‍රශ්නාර්ථයකින් බැලුවා. 

පර්සි නිකම් වැරැද්දක් කරලා වගේ ඇඹරෙන්න ගත්තා. "ලෙයාට ලැබුණු ආශිර්වාද ගැන කාටවත් කියන්නේ නෑ කියලා මමයි.. ඇනබෙතුයි ග්‍රෝවර් වගේම අනිත් අයයි දෙවිවරුන්ට පොරොන්දු වුණා. විශේෂයෙන්ම ක්‍රොනොස්ගේ බලය ගැන."

"දඩා...ං " ඒ වෙලාවෙම ලොකු අකුණක් ගැහුවා.

"මොනවා ක්‍රෝනෝස්?" තාලියා ඇහුවා. "ඔයාගේ අතින් මේ දැන් පොරොන්දුව කැඩුනා නේද පර්සි?"

"ලෙයාට ඒ වෙලාවේ සිහිය නැතිවෙලා හිටපු නිසා එයා පොරොන්දු වුණේ නැහැ." පර්සි කිව්වා.

What Will Happen Next 💦 💦Where stories live. Discover now