Leya
"ගායියා?" හේරා අැහුවේ පුදුම වෙලා වගේ.
"අැයි ඔයා මේ වගේ දෙයක් කරේ. අපි හිතුවේ ඔයා කලින් යෝධයෝ එක්ක වුණ සටනෙන් පස්සේ හරි පාඩමක් ඉගෙන ගනීවි කියලා. එ්ත් මට පේන්නේ එහෙම නෑ වගේ" සීයුස් කිව්වා.
"ඔහු නැගිටිනවා. මට එ්ක දැනෙනවා. අපි ඔහුව විනාශ නොකරොත් ඔහු සුළු මොහොතකින් මුළුලෝකයම විනාශ කරලා දාවි " ගායියා කිව්වා.
"නෑ එහෙම වෙන්නේ නෑ. ඔහු විනාශ වුණා. ක්රොනස් ඔහුව විනාශ කරලා දැම්මා." එ් පාර එරීස් මැද්දට පැන්නා.
"එ්ක වෙන්න බෑ. ඔහු අතීතයට අයිති කෙනෙක්. නැවත නැඟිටීවි කියලා හිතන්න බෑ" අපලෝත් කිව්වා. කවුද දැන් මේ ඔහු? මට නම් මෙලෝ හසරක් තේ තේරෙන්නේ නෑ. එ්ත් එක දෙයක් නම් ෂුවර් අපි මේ වැටිලා තියෙන්නේ ලොකු අවුලක.
" නිහඬ වෙන්න දැන් මමයි තීරණ ගන්නේ" සීයුස් එයාගේ ගැඹුරු කටහඬ අවදි කරා. " දැන් මෙයාලා අැත්තටම මොන වගේ අයද? අපේ බලයනුත් තියෙනවා නේ"
" හරියටම බැලුවොත් උප දෙවිවරැ වගේ තමා. අපිට මෙයාලව Camp half-blood එකට යවන්න වෙනවා." අැතීනා කිව්වා.
"එ්ත් ඊට කලින් මේ හතර දෙනාට කාගේ බලද ලැබිලා තියෙන්නේ කියලා හොයා ගන්න වෙනවා." එ්රිස් කිව්වේ මම, ජේක්, සෙලීන් තුන් දෙනා දිහා බලන ගමන්.
"අනිත් අය ගැන මම දන්නේ නෑ. එ්ත් මේ කෙල්ලට නම් ලැබිලා තියෙන්නේ මගේ අාශීර්වාදය" ගායියා කිව්වේ රිහෑන් දිහා බලන ගමන්. වොහ් බලන් ඉද්දිම රිහෑන්ගේ අැදුම නිකම් පස්වලින් හැදුන ගවුමක් බවට පත් වුනා. මට පේන්නේ මෙයාටත් අලුත් කැබින් එකක් හදන්න වෙයි වගේ
කස්ටියගෙම අවදානේ ඊළඟට යොමු වුනේ මම, සෙලීන්,ජේක් දිහාවට.
"බලමු ඔයාට කාගේ බලයන් ද ලැබිලා තියෙන්නේ කියලා?" එ්ම කියපු අැලීනා මගේ ඔළුවට උඩින් අත තිව්වා. එ්ත් එයා ඉක්මනටම අත ගත්තේ අාව් කියමින්. " මට මෙච්තර ලොකු බලයක් කලින් දැනිලම නෑ උප දෙවියෙක්ගෙන්."
එ්ත් එක්කම කස්ටියගෙම අවසානේ මගේ ඔළුවට උඩින් තිබුණු දේකට යොමු වුනා. භාගෙකගේ විතර කටවල් අැරිලා තිබ්බ විදියට මට නම් හිතුනේ මැස්සෝ රංචුවකටම එ්වා අැතුලෙන් ලේසියෙන්ම යන්න පුළුවන් වෙයි කියලා. මමත් ඉතින් මෙයාලා මොකක් දිහාද බලන්නේ කියලා ඔළුව උස්සලා බැලුවා. මොකක්...!
YOU ARE READING
What Will Happen Next 💦 💦
FanfictionSlow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උද...