chapter 02 💨💦Leya

95 13 24
                                    

          "කවුරු උනත් අපිට මොකද ?" අැලි අැහුවා.හොඳයි ඉතින් අපිට අකමැත්තෙන් උනත් එ් වැඩේ කරන්න උනා ඉතින්.

" One way or another I'm gonna beat ya
I'm gonna hit Ya hit Ya hit Ya hit Ya
One........ Or another l'm gonna kill ya
Im gonna beat Ya beat Ya beat Ya beat ya"
           මේ සොෆී එයාගේ පරණ පුරුද්ද අපහු පටන් අරන් වගේ. Songs වල lyrics මාරු කරලා අලුත් සිංදු තැනට ගැලපෙන විදියට හැදීම. මේ පාරත් හේලි එයාගේ උදව්වට අාවා වෙනදා වගේම.😳😵(මට පේනනේ මේ සිංදුවone directionලගේ one way or another වගේ😌)

"One way or another I'm gonna strike ya
I'm gonna beat Ya beat Ya beat Ya beat Ya
One time, me be next time
I'm gonna kill us I'm gonna...........ya
I'll kill ya"
             පුදුම පිස්සො දෙන්නේක් කියන්න වගේ අනිත් අය එ් දෙන්නා දිහා බලලා මූණට මූණ බලාගත්තා.
මල්ලට පහර වදිනකොට අමුතු අමුතු හුරු පුරුදු සද්ද අැහෙන්න ගත්තා. එක කටහඬක් නම් හරිම හුරු පුරුදුයි වගේ.මේ ලෝකේ මට පෙන්නන්ම බැරි කෙනා.මන් දන්නවා එයාටත් එහෙමම තමයි කියලා.
          "අායි ....... උෟ......යි" මල්ල බෙරිහන් දුන්නා.
            "බුදු අම්මෝ ගහන්න...... එ....පෝ...." Oopps...... එ් පාර නම් ගොඩක් සැරේට වදින්න අැති. මල්ල එක එක පාරට එක එක කටහඬවල් වලින් කතා කරන්න ගත්තා.
          "මේක-නවත්තනවා-ලියා-නැත්තම්-මම-එලියට-අැවිල්ලා-පස්සේ තමුන්-ගැන-බලාගන්නම්."මල්ල නවත්ත නවත්ත කිව්වේ මොකද එයා කියන හැම වචනෙකටම එයාට පාරවල් වැදුන නිසා.😂😂😇
            "oh wow! ඔයාට Dustbinගේ කටහඬිනුත් කතා කරන්න පුලුවන් ද?" මම බොරුපුදුමයක් අාරුඪ කරගෙන අැහුවේ මල්ලට උපරිම ශක්තිය යොදලා හොඳ පාරක් දෙන ගමන්.
             "තව හොඳට ගහන්න. මේ මල්ල දඟලනවා වැඩියි"මම කිව්වා.
              "තමුන්ට-මේකට-වන්දි-ගෙවන්න-වෙයි"මල්ල අාපහු dustbinගේ කටහඬින් කෑගැහුවා.
             "ඔයා ඔය කටහඬින් කෑගැහුවම වෙන්නේ මගේ පාරවල් තව ටිකක් සැර වෙන එක විතරයි bro"මම කිව්වා." ඔයා අපිට උදව් කරන්නේ නැද්ද ?" මම ටානියාගෙන් අැහුවා.
             "මට ඔය සත්තු මෙල්ල කරන්න ගිහින් මගේ නියපොතු සවුත්තු කර ගන්න උවමනාවක් නෑ."ටානියා එයාගේ නියපොතු දිහා බලමින් කිව්වා. අැයි මේ මල හොල්මනට කතා කලේ කියලා මටම බැන ගමින් මම ඉස්සරහට හැරුනා.😬
              "මෙතන මොකද වෙන්නේ ?" පිටි පස්සෙන් අැහුන කටහඬේ හැටියට නම් එ් ජූලි. ඔව් එ් එයා තමයි.
             "මොකෝ මේ තෙමිච්ච කුකුලෙක් වගේ හොඳටම පෙඟිලා ?" හැම වෙලේම අනිත් අයට විහිළු කරන්න බලන AB කිව්වා.
             "දන්න කට්ටියක් ඉන්න එකත් හොඳයි "ජූලි කිව්වා."මාව අර පොකුණට වැටුනනේ" එයා ළඟම තිබ්බ පොකුණ පෙන්නලා කිව්වා.
              "එහෙනම් එ්ක තමා අර පොකුණට මොකක්ද වැටෙනවා වගේ අැහුනේ " මම කිව්වා.එයා මටයි ABටයි විරිතීමකින් සංග්‍රහ කලා.
               "බුදු අම්මෝ "මල්ල එක පාරටම මර හඬ තැලුවා. මොකද වුනේ කියලා බලද්දි තමා දැක්කේ අපේ යාළුවෙක් මල්ල උඩට වාඩිවෙලා හිටින්නම වැටිලා තිබුනා.මල්ල අැතුලෙ හිටපු සතා එ් විදියට බෙරිහන් දීපු එක ගැන අහන්න දෙයක් නෑනේ ඉතින්.
             "අැලෙක්ස් ඔයත් ?" සෙලීන් අැහුවා."එතකොට දැන් අපිට අඩු බෝලෙයි ෂර්ලොකුයි විතරයි."
           "ඔව් මාත් මෙහේ."එයා හිනාවෙවි කිව්වා."කොහොමද කට්ටිය ?"
           මේ අපේ අැලෙක්ස්.හරියටම කිව්වොත් අැලෙක්ස්‍රැන්ඩ්‍රියා මැක්ලායන්. මම ලෝ... නෑ ලියා මැක්ලායන්.දැන් අහන්න එපා හැමෝගෙම පලවෙනි පොදු ප්‍රශ්නය -'අපි දෙන්නා නෑයෝද?' කියලා.මොකද අපි නෑයෝ නෙවෙයි.
"මම මේකෙන් බහින්නම්." එහෙම කියපු අැලෙක්ස් ඉක්මනට මල්ල උඩින් බිමට පැන්නා.
            "එ්ක නෙවෙයි ඔය මල්ලෙන් මට මගේ මල්ලි ජේක්ගේ කට හඬ අැහුනනේ" ජුලි ඔළුව අැල කරලා අැහුවා.
             "ගන්න ගන්න එපා මටත් dustbin ගේ කටහඬ අැහුනා."මම කිව්වා."මොනවා නැත්ත මේකේ අැතුලේ ඉන්නේ බොහොම භයානක සතෙක් වගේ.කවුද මේක ලිහන්නේ?"
             "මම යන්නම් "අැලි ඉදිරිපත් වුණා. එයා ගිහින් මල්ලෙ කට අැරියා. ooops........ එ්ක අැතුලෙ හිටියෙ පිරිමි ළමයි තුන් දෙනෙක්.
              "OOPS"සොෆීට කියවුනා.
                "පිටර් ?"මම අැහුවා.
                  එ් මල්ල අැතුලේ හිටියේ මගේ නිවුන් සහෝදරයා පීටරුයි(dustbin), ජූලිගේ නිවුන් සහෝදරයා ජේකුයි එයාලගේ හොඳම යාළුවා රිචඩුයි.
               "තමුන් තමයි මේ හැමදේම කලේ "එහෙම කියපු පීටර් මගේ ගාවට අතත් ගුලි කරන් කේන්තියෙන් අාවත් මම දන්නවා එයා කිසිම වෙලාවක කෙල්ලෙක්ට අත උස්සන්නේ නෑ කියලා.😁😁ඉතින් මම හැම තිස්සෙම එ්කෙන් ප්‍රයෝජන ගන්නවා.😈
              ටික දුරක් වැනි වැනි ඉස්සරහට අාපු එයා නිකම් බීලා වගේ බිම වැටුනා.අනිත් අයත් එලියට අාවේ බීලා වගේ වැනි වැනි. එයාලා දෙන්නත් ටික වෙලාවකින් බිම😂 (පව් අසරණයෝ ටික නැගිටගන්න බැරි වෙන්නම ගුටි කාලා වගේ.)ජූලි නම් එයාගේ මල්ලිට නැගිටින්න උදව් කරා.එ්ත් මම මොකටද අර මැට්ටට උදව් කරන්නේ ?
             "මට තමුන් වගේ නංගි කෙනෙක් ලැබුනේ මගේ මොන කරුමෙකට ද මන්දා"පීටර් හීල්ලුවා.
             "මටත් ඔයා ගැන තියෙන්නේ එ් වගේ අාකල්පයක්ම තමා." මම කිව්වා.
             "Hey guys දැන්වත් ඔය රණ්ඩුව පොඩ්ඩකට නවත්තන්නකෝ." ජෙසී කිව්වා.
             "අනේ dears ඔයාලා අවුරුදු දාහතරක් වෙලත් හැසිරෙන්නේ නිකම් හරියට අවුරුදු පහක විතර පොඩි එවුන් වගේ." සෙලීන් කිව්වා.
           "දැන් ඕවගෙන් වැඩක් නෑ. අපි අර පැත්තෙ වෙන්නේ මොනව ද කියලා බැලුවොත් නරක ද ?" රිහෑන් අපේ අවධානය වෙනස් කරා.
          ඉතින් අපිට ඉන්න තැන හොයා ගන්න ඕන උන නිසයි තව එ් මන්දිරේ ඉන්න අයගෙන් උදව්වක් හරි ඉල්ල ගන්න පුළුවන් වේවි කියලා හිතපු නිසයි අපි එ් පැත්තට ගියා. එ්ත් කවුද හිතුවේ එ්ක තනිකරම පිස්සන් කොටුවක් කියලා ?
             අපි එතනට යනකොට මුත්තෙක් DJ එක්ක මහ සද්දෙට දාගෙන නට නට හිටියා.එයා අැඳන් හිටිය T shirt ඉස්සරහ ගහලා තිබ්බේ 'ඉයොලස් the DJ company' කියලා.
          * ඉයොලස්-ග්‍රීක උතුරු සුලඟට අධිපති.(එ් වගේ තමා මට මතක එ්ත් එයා ග්‍රීකද රෝමද කියලායි උතුරද දකුණ ද කියලයි හරියටම ශුවර් නැ😅😅😁)
             "Ally අර මුත්තත් මට පේන්නේ ඔයාට වඩා හොඳට ඩාන්ස් කරනවා " අැම්බර්ට අාපහු බයිට් එකට මාතෘකාවක් හම්බ වෙලා වගේ.😁
           "AB can you please shut up? " Ally අැහුවා.
           "ඔන්න පරමාණු බෝම්බ පුපුරන්න අාසන්නයි " මමත් අැම්බර්ට සපෝර්ට් කරා. (මම කොහොමද මෙයාගේ යක්ෂයා උපරිමේටම නග්ගන අවස්ථාවක් මග අරින්නේ ? අනික කතාවකුත් තියෙනවනේ හොඳම යාළුවව කුලප්පු කරලා ගන්න සතුට ගොනෙක් කුලප්පු කරලවත් ගන්න බෑ කියලා 😂😁😎)
            "ඔය ළමයට පාඩුවේ ඉන්න දෙනවා අැණේ "පිටර් කිව්වා. මෙයා මොකද අැලියගේ පැත්තට කතා කරන්නේ.......😶 එයාටත් ඉතින් මට විරුද්දව යන්න තියෙනම් ඕන දෙයක් .......... දුෂ්ටයා😒. කුණු බක්කිය කියන නමම තමා ගැලපෙන්නේ😏😎
        "ඔයාලා ඔතනම ඉන්න ද කල්පනාව "අපිට එහෙම කෑගහලා අතවනපු සෙලීන් නම් අැතුලට ගියා. ඉතින් අපිත් එයාගේ පස්සෙන් පෝලිමට අැතුලට ගියා.
         එ්ක අැතුලෙ එක කාල ගෝට්ටියක්. මෙච්චර ලොකු මිනිස්සු මේ වගේ රණ්ඩු වෙනවා මම දැක්කමයි.
      එතන ළඟම හිටපු දෙන්නාගෙන් කෙනෙක් onedirection Harry Styles වගේ.එයාගේ පෙනුම නිකන් හරියට රොක් බෑන්ඩ් එකකින් මේ දැන් පැනලා වගේ.එයාගේ කලිසම පුරාම පැච්.මට හිතුනා එයාට කලිසමක් අරන් දුන්න නම් හොඳයි කියලා(මොකද එයාගේ කලිසම එ් තරමට ඉරිලා 😅😂😂)  තව පිටේ ගිටාර් එකකුත් එල්ලන් හිටියා.
               අනිත්  කෙනා නම් ගෑණු කෙනෙක්. එයාගේ එක එතක පොඩි පොතක් තිබුනා.
             Harry Styles කිව්වම මතක් වුනේ කෝ අපේ  harryලා දෙන්නා සෝෆීයි හේයිලියි ? හිතුවා හරි එ් දෙන්නා අර රණ්ඩු වෙවි හිටපු පිරිමි කෙනා ගාව.
         "අර ඩබල මොන විකාරයක් කරයි ද දන්නේ නෑ. ඊට කලින් අපි එ් හරියට යමු."අැලි කිව්වා.මම එ් කතාවට නම් එයත් එක්ක එකග වෙනවා.ලඟට ගියහම තමයි තේරුනේ එයා හැරී ස්ටයිල්ස් නොවුනත් එ් වගේම බව.අපි දෙන්නා එ් හරියට ගියහම එ් දෙන්නගේ කතාවෙන් ටිකක් අපිටත් අැහුනා.
          "ඔය පොත් ටික පැත්තකට විසි කරලා මාත් එක්ක Rock Concert එකක් බලන්න එන්න."හැරි වගේ කෙනා කිව්වා. "එ් වෙනස අත් විදලා බලන්න අැතීනා."
          "මට ඔය විකාර අපායේ සංගීතය අහන්න ඕන නෑ අැපලෝ." අැතීනා නොහොත් ගෑණු කෙනා කිව්වා."ඊට හොදයි Olympus Library එකට ගිහින් පොතක් කියවන එක."
            "අැපලෝ ......අැතීනා කිව්වම ඔයාට මොනවද මතක් වෙන්නේ ලියා ?"අැලී මගෙන් අැහුවා.
          ඉතින් මම ටිකක් කල්පනා කරා එයාට දෙන උත්තරේ මොකක් ද කියලා බලන්න. " නාසා "මම එකපාරටම කිව්වා.
         එයා අත නලලේ ගහ ගත්තේ මොන මෝඩයක්ද කියලා අහන්න වගේ.
          "අැයි ? අැපලෝ දහතුන නාසා."මම අාපහු කිව්වා.
         "නෑ අයියෝ අැපලෝ....... අැතීනා..... අපි මේ ඉන්නේOlympus වල වෙන්න බැරිද " අැලී අැහුවා. ඊ ළඟට අර බැල්මෙන් එයාට සංග්‍රහ කරන අවස්තාව අාවේ මට.
          "ඔයා හොඳටම fiction කියවලා වැඩියි "  මම එයාට කිව්වා."අර පර්සි ජැක්සන් කියවලා තමයි ඔයාට මෙහෙම වෙලා තියෙන්නේ."
  

🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬🍬

        හොඳයි ඔන්න මම මේකේ දෙවනි කොටසත් දැම්මා. මේක තනිකරම පිස්සුවක් වගේ නේද ? ඔයාලගේ අදහසුත් කියන්න අමතක කරන්න එපා හොඳේ😀😊 
ඔන්න අපලෝයි අැතීනයිත් කතාවට අාවා😁
(මම හිතනවා ඔයාලා Heros of the Olympus පොත් set එකත් කියවලා අැති කියලා. එ්ත් මම එ් සෙට් එකේ අන්තිම පොත blood of Olympus පොතේ අවසානේ චුට්ටක් වෙනස්😅 කරා එ්ක අව්ලක් නැති වෙයිනේ ?)

  ඉක්මනට Update කරන්න බැරි උනාට සොරි ....

What Will Happen Next 💦 💦Where stories live. Discover now