හරිම මහන්සි දවසකට පස්සේ මම බොහොම සතුටින් අැඳට ගියේ හොඳට නිදා ගන්න කියලා හිතාගෙන. ඒත් කොහෙද ? අැදට පැන්නා විතරයි මට දැනුනේ මම කෙලින්ම උඩක ඉඳන් පහලට කඩන් වැටෙනවා වගේ. මම මුලින් නම් හිතුවේ ඒක හීනයක් කියලා. ඒත් වැඩි වේලාවක් යන්න කලින්ම මම අැත්තටම අහසේ ඉදන් පහලට කඩන් වැටෙනවා කියලා මට තේරුනා. අපොයි මට කොහොමටවත් මෙච්චර ඉක්මනට මැරෙන්න ඕන නෑ.
"කාට හරි මාව අැහෙනව නම් please මාව බේර ගන්න " මම දන්න නොදන්න හැම දෙවි කෙනෙක්ටම යාඥා කරා. එ්ත් එ් කිසිම කෙනෙකුට මාව අැහිලා නෑ වගේ. මාව කෙලින්ම පොළොවට වැටුනා අහසේ ඉදන්!!
ඉතින් මම අර හැම කෙනෙකුටම බැන බැන රිදෙන කොන්දත් අත ගගා නැගිට්ටා. අැයි මටම මෙහෙම වෙන්නේ ?
" L අපි මේ කොහේද ඉන්නේ කියලා දන්නවද ?" මගේ පිටිපස්සෙන් හොඳට හුරු පුරුදු සද්දයක් අැහුනා. මට පේන්නේ මම විතරක් නෙවෙයි වගේ මෙහේ ඉන්නේ.මම එයාට මුහුණ දෙන්න එ් පැත්තට හැරුනා. මම හිතුවා හරි එ් එයා තමයි. මගේ හොඳම යාළුවා අැලෙක්සා බ්ලේක්.(niknames- Ally, අාකිමිඩිස්, බකපඬියා 😂😂😅)
"Ally මම එ්ක දැන ගෙන ඉන්නේ කොහොමද ? මමත් දැන්නේ මෙතනට කඩන් වැටුනේ " මම එයාට ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා.
එ් වෙලාවෙම වගේ තවත් කේනෙක් කෑ ගහගෙන පහලට කඩන් වැටුනා. ටිකක් ඉන්න එ් සද්දෙ ටික්ක විතර පුරුදුයි වගේ.මම පිටිපස්ස හැරිලා හිටියත් මට කියන්න පුළුවන් අාපු සද්දේ විදියට එ් කෙනා කෙලින්ම අැවිත් වැටුනේ ළඟම තිබුන මඩ වළට කියලා. Ally මූණ අකමැත්තේන් අැකිළුවා. මට පේන්නේ එ් හිටියේ මම දැන් අනුමාන කරපු කෙනා වගේ.
"ඔව් එ් අර මල හොල්මන තමයි." Ally මම අහන්නත් කලින්ම මට විතරක් අැහෙන විදියට උත්තර දුන්නා. "ටානියා "
YOU ARE READING
What Will Happen Next 💦 💦
Hayran KurguSlow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උද...