මම දැක්කා සීයුසුයි හේඩිසුයි ත්‍රිෂූලේ පැත්තකින් තියලා මල්ලව පොරයකෙ ලෑස්ති වුණා. එ් අතරේ පර්සි හොරාට ගිහින් ත්‍රිෂූලේ අරගත්තා. එහෙනම් අැනබෙත් මේක තමයි එයාට ගන්න කියලා තියෙන්නේ. එ්ත් මෙයාට තේරෙන්නේ නැද්ද එයාලගේ ත්‍රිෂූලේ අරගත්තු නිසා සීයුස් හේඩීස් දෙන්නා එයාට පහර දෙයි කියලා.😐
මම හිතුවා හරි. සීයුස් හේඩීස් දෙන්නා එයා එ්ක අරන් යනවා දැක්කා. සීයුස් එයාගේ අකුණ අතට අරන් පර්සි දිහාවට දික් කරන අතරේ හේඩීස් එයාගේ කළු කඩුවත් පර්සිගේ දිහාවට දික් කරා. මට මොනවා හරි කරන්න වෙනවා නැත්තම් පර්සි කරකුට්ටම් වෙලා යයි. මේ මැට්ටා තාම එ්ක දැක්කේ නෑනේ.
"පර්සී..... ඔන්න බලාගෙන " මම එයාගේ පැත්තට දුවන ගමන් කෑ ගැහුවා.
පර්සි එයාගේ අතේ තිබුන ත්‍රිෂූලේ සීයුස්, හේඩීස් දෙන්නට එල්ල කරා. සහා පිස්සෙක්. මෙයා ඉල්ලගෙනමයි කන්න බලන්නේ මට පේන විදියට.
හෝව්.... පොඩ්ඩක් ඉන්න අැයි මට මේ දුවන එක නතර කර ගන්න බැරි? මොකක් ද එ්පාර වෙන්න යන්නේ? මෙහෙම ගියොත් මම කෙලින්ම යන්නේ පර්සිගෙයි සීයුස්,පොසයිඩන් දෙන්නගෙයි මැද්දට. නියමයි... මට බාබකියු වෙන්න කිසිම අාසවක් නැති වුණත් දැන් මම එහෙම වෙන්න තමයි යන්නේ.
"හේයි ඔයා රෝස් වෙන්න ඔච්චර කැමති ද?" අැලී මගෙන් කෑ ගහලා අැහුවා.
"නෑ. එ්ත් මට මේ දුවන එක නවත්ක ගන්න බෑ." මම එයාට කිව්වා. දැන් නම් මම ඉවරෙටම ඉවරයි වගේ. මම ගිහින් අර තුන් දෙනාගේ ත්‍රිත්ව ප්‍රහාරයට ගොදුරු උනා.
"පර්සී..... එපා" අැනබෙත් එයාගේ කිනිස්ස අපේ දිහාවට විසි කරන ගමන් කෑ ගැහුවා.
"ඩොං...." ලොකු පිපිරුමකුත එකක් මාව උඩින් විසි වෙලා ගියා.එ්ත් එක්කම වගේ සේරොම කළුවර වුනා.
Ally
හොදයි දැන් මගේ අවස්ථාව. මගේ පිස්සු නට් කේස් යාළුවගේ විස්තර කිරීම් අහලා ඔයාලට පිස්සු හැදුනේ එහෙම නෑනේ? මම එයාට කොච්චර නම් කිව්ව ද අපි මේ ඉන්නේ Olympusවල කියලා. කොහේද එවා මාව විශ්වාස කරපු එකක් යැ. මගේ මනෝ විකාරලු.එ්ත් ටානියාට උණ දේත් එක්ක එයාගේ අැස් දෙක ලොකු වුන විදියට නම් මට හිතුණා එයා දැන් නම් මාව විශ්වාස කරනවා කියලා.
YOU ARE READING
What Will Happen Next 💦 💦
FanfictionSlow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උද...