13. අසල්වැසියෝ😂

467 94 85
                                    

My evil fairy 13

තවත් දවසක්ම Jackson ව Hospital එකේ තියාගත්තෙ test ටිකක් කරන්න තිබුන නිසා...Got7 ලගෙ අනිත් හය දෙනා සැරින් සැරේ කතා කර කර Jackson ගැන හොයල බලනවා...ඒ අතරෙ Jackson ගෙ අම්මයි තාත්තයි හදිස්සියෙම australia ඉඳල ආවෙ Jackson කරගත්තු කරදරේ නිසාමයි....

මොකද්ද පුතා මේ කරගත්තෙ...මෙහෙම බේරුනා ඇති...මොනවහරි කරදරයක් වුනානන් මොනව කරන්නද...Jackson ගෙ අම්මා කොල්ලගෙ ඔලුව අතගගා කිව්වා

බයවෙන්නෙපා අම්මා....මට මුකුත් උනේ නෑනෙ...Jackson කිව්වෙ අම්මගෙ ඇඟට හේත්තු වෙන ගමන්...

ටිකකින් Jackson ගෙ room එකේ දොර ඇරුනා...
කලින් දවසෙ වගේම මීඩියා වලට අහුනොවී හොරෙන් හොරෙන් හොස්පිටල් එකට ඇවිත් තිබුනෙ ඒමි...

ආ...ඔය ආවෙ අඩුපාඩුව...Jackson හිනාවුනා...

ඉස්සර අම්මයි තාත්තයි ඒමිව හොඳටම දැනගෙන හිටියත් දැන් එයාලට කෙල්ලව අඳුරගන්න බැරිවුනා....

දැන් කොහොමද Jackson...ඒමි ඇහුවා...
මට හොඳයි ඒත් මට ගෙදර යන්න දෙන්නෑ...Jackson කිව්වෙ බබෙක් වගේ...

මේ දුව කවුද....Jackson ගෙ තාත්තා ඇහුවා...

ඔයාල මෙයාව හොඳට දන්නව තාත්තා..මතකද මගෙ ඉස්කෝලෙ කාලෙ සෙට් එකේ හිටපු ඒමි...fencing team එකෙත් හිටියා....Jackson කිව්වා....

මට මතකයි ඒමිව...කොහොම අමතක වෙන්නද...අපේ පුතාගෙ හොඳම යාලුවා...කොහෙද හිටියෙ දරුවො...ඔයා ගොඩක් වෙනස් වෙලා..Jackson ගෙ අම්මා ඒමිගෙ අතින් අල්ලලා එයා ලඟින් වාඩි කරවගත්තා...

දැන් ඔයා මොනවද කරන්නෙ දුව...ආයෙ යාලුව ළඟට ආවනේ....අම්මා කිව්වා...
ඔව් ආන්ටි...මං වැඩ කරන designing company එකෙන් මාව මෙයාගෙ stylist කලා...ඉතින් දැන් මෙයා එක්කමයි...ඒමි කිව්වා.....

ඒක හොඳයි....අම්මා ඒමිගෙ ඔලුව අතගෑවා...
කෙල්ලව දකින්නත් ආසාවෙන් හිටියෙ...කොහෙද අපිට දූල නෑනෙ...ඉන්නෙ අණ්ඩයො දෙන්නෙක්නෙ...අම්මා කිව්වා...

අයියා ගෙනත් දුන්නෙ දුවෙකුයි මිණිබිරියෙකුයි දෙන්නෙක්ම....Jackson කිව්වා...
එයාල ඉන්නෙ දුරනෙ...අපේ ලඟින් ඉන්න කෙල්ලෙක් නෑනෙ....අම්මා කිව්වා...

ඒමි දැක්ක ගමන් අම්මට පුතා එපාවුනා නේ....අන්න දැක්කනෙ...හිත රිදුනා...Jackson කිව්වා...ඒමිව දරුකමට හදාගන්න එකයි ඇත්තෙ....

💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ