4. පළවෙනි රාජකාරිය😂😖

524 110 80
                                    

My evil fairy 4

Emi's pov.

මගෙ ජීවිතේ මට එපා කරපු ජරාම රස්සාවට යන පලවෙනි දවස අද...එදා ඉන්ටවිව් එකෙන් පස්සෙ මං ගෙදර ඇවිත් සුකීටත් කෑගැහුවෙ මට විකාරයක් අන්දවල යවපු නිසා...අද අර Jackson කියන එකාට මොකද්ද channel එකකින් interview එකක්ලු...ඒකට අපි ලෑස්ති වෙන්න ඕනෙ...ඒක තමයි මට ලැබුන පලවෙනිම රාජකාරිය...

Channel එකේ කට්ටිය 2.00 වෙද්දි team wang එකට එනව කිව්ව නිසා ඒකට ලෑස්තිවෙන්න අපි කලින්ම ගියා...

අද තියෙන්නෙ එච්චර ලොකු වැඩක් නොවෙන නිසා හිටියෙ yang yi එක්ක මං විතරයි...අපි දෙන්න එක්ක dressing room එකට ගියා...යද්දිත් අර මොට්ට කොකටුවා ඇවිත්...

ආහ්...මෙන්න අද වැඩ පටන්ගන්න ඇවිත් වෙලාවටම...මෙයාල හොඳයිනෙ...Jackson හිනාවෙලා කියද්දි මට පෙනි පෙනිම yang yi ගෙ මූණ රතු වුනා...මල විකාර...

අද interview එකට මැච් වෙන්නෙ මොන වගෙ fashion එකක්ද ඒමි...මේක normal interview එකක්...වැඩි දෙයක් ඕනෙත් නෑ...Jackson කිව්වා...

වැඩි දෙයක් ඕන්නැත්නම් underwear එක පිටින් ඉන්නවකො....මං හෙමින් මිමිණුවෙ මෙයාගෙ කයිය අහං ඉන්නබැරුවට...

ඒයි...මොනවද ඔය කියන්නෙ...මං හෙමින් කියපු එක යැන්ට ඇහිලා...
කිව්වෙ ඔයාට ඇහිච්ච එක තමයි...වැඩිදෙයක් ඕනෙ නෑලුනෙ...මං කිව්වා...

Jackson එතකොට ඔයා අඳින්න හිතන් ඉන්නෙ මොන ටයිප් එකටද අද...ඔයා මොකක් හරි හිතාගෙන නම් ඉන්නෙ කියන්න...අපි ඒ dress code එකට ඇඳුමක් තෝරගමු....යැන් කිව්වෙ හරි professional විදියට...

ම්ම්....මං හිතුවෙ නෝමල් Jacket එකක් use කරන්න...ඒමි ඔයාලට පුලුවන් ද ඒක ගානට හදල දෙන්න...Jackson කිව්වා...

මොන මඟුලක්ද...මේ මිනිහට පේන්නෙ මං විතරද...මෙච්චර ලොකුවට යැන් ඉන්දෙද්දි...ඒත් රාජකාරියනෙ...

ඔව්...පුලුවන්...මං කිව්වා...
හ්ම්...හොඳයි....එහෙනම් here we go....එහෙම කියල හිනාවුන Jackson අපිට එයාගෙ outfits collection එක තියෙන තැන පෙන්නුවා....අම්මෝ...පුදුම රෙදි කන්දරාවක් නෙ...මට නං ඒක පෙනුනෙ නාස්තියක් වගේ...

අපිත් එක්කම Jackson එතනට ඇවිත් ඇවිද ඇවිද හිටියෙ අපි ඇඳුම් තෝරල දෙනකල්...එයා ඇඳන් හිටියෙ sleeveless tshirt එකක්...

💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗Où les histoires vivent. Découvrez maintenant