20 - ආයෙමත්....❤

371 85 59
                                    

My evil fairy 20

Emi's pov.

දැන් සේරම හොඳ අතට හැරිලා...මං ගත්තු තීරණේ සාර්ථකයි...Jackson ආයෙමත් කලින් විදියටම ඉන්නවා...මට ඕනෙ වුනේ එච්චරයි...
ඒත් එයාට මාව දැන් අමතක වෙලා ඇති....

මං Jackson ගෙන් වෙන්වෙල ඇවිත් මාස හයකුත් පහුවෙලා...
මං දැන් ඉන්නෙ තනියෙන්...මං විතරක් නිසා එක කාමරයක් තියෙන පොඩි ගෙයක් ගත්තා.....
ෂැංහයි වලට ටිකක් දුර මුහුදට කිට්ටු පොඩි ලස්සන ගමක මම දැන් ඉන්නෙ...මගෙ පුංචි ගෙදර තියෙන්නෙත් මුහුද ලඟමයි...

මං හැංගිල ඉන්න මේ වගේ පලාතක්ම තෝරගත්තෙ හේතුවක් ඇතිව...
වෙච්ච සිද්දියත් එක්ක ගොඩක් අය මාව දන්නවා...ඒත් මේ වගේ ගමක ඉන්න අය මාව වැඩිය අඳුරන්නෙ නෑ...මොකද වැඩි සෙනඟකුත් නෑ...ඉතින් මට නිදහසේ ඉන්න පුලුවන් කම තිබුනා....

අද හයියෙන් වහිනවා....නිකං ලෝක විනාසෙ වගේ...
මං වැස්සට කැමතියි....ඒක මගේ පරණ මතක ගොඩක් අවුස්සනවා...ඔව්...වැඩිපුරම Jackson එක්ක තිබුනු මතක...
සමහර වෙලාවට ඒ දේවල් මතක් කරල හිත රිද්දගන්න මමත් ආසයි.....
අදත් මට එයාව ගොඩක් මතක් වෙනවා...
Jackson....ඔයා හොඳින්ද.......?

                    ...........................

Jackson එක්කම හිටපු Henryට හවස්වෙද්දි හදිසි වැඩකට ගෙදර යන්න වුනා...
ඉතින් Jackson ගෙදර තනියෙන් හිටියත් ඒ එච්චර හොඳ සිහියකින් නම් නෙමෙයි...

කොල්ලා ජනේලෙන් එලිය බලාගෙන මොනවද කල්පනා කරනවා...ගොඩක් වෙලාවක් තිස්සෙ...

තවත් විනාඩි කීපයක් වැස්ස දිහා බලාගෙන හිටපු Jackson එකපාරටම නැගිට්ටා...
ටිකක් කෙලින් ඉන්න අමාරු වුනත් එයා නැගිටල ගිහින් ටීපෝ එක උඩ තිබුන වාහනේ යතුරත් අරන් ගිහින් වාහනේට නැගලා ස්ටාට් කලා...

කොල්ලා කෙලින්ම ගියේ ඒමි සුකී දෙන්නා හිටපු කුලී ගෙදරට...දැන් ඒකෙ ඉන්නෙ සුකී විතරයි...

Jackson වැනි වැනීම ගිහින් doorbell එක ගැහුවා....

කවුද............සුකී කියාගෙන ඇවිත් දොර ඇරියා....

J...Jackson......සුකී හදිස්සියෙම Jackson තමන්ගෙ ගේ ඉස්සරහ දකිද්දි බයවෙලා ගියා....අනික එයා හොඳටම බීලා කියලත් සුකීට තේරෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ....

💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗Donde viven las historias. Descúbrelo ahora