After three weeks
" ආ...අදනම් ටිකක් සීතල වැඩී නේද? ජීව් නූනා ඇයි තාම නැත්තෙ වෙනදට ඉක්මනට එනවනේ...අදනම් හිම වැටේවිද දන්නෙ නෑ.....එහෙම වුනොත් අද තමයි මුල්ම හිම පතනය.....ටේ හියුන් අපි දෙන්න නම්සන් යන්ද? මොකෝ කියන්නෙ හියුන්...."
" එපා කුකී..මම කෙල්ලෙක් එක්ක තමා යන්නෙ ගියත්...මට හාවෙක් එක්ක නම්සන් යන්න කිසිම කැහිල්ලක් නෑනෙ....ඇයි අර ඔයාගෙ නැට්ටිච්චි ටීනා ඉන්නෙ....කුදලගෙන යනෝකෝ....නැත්තන් ටීනා club එකක ඉද්දිම මුල් අදීවි...."
" හියුන් ටීනට කැමතිම නෑනෙ...මගේ අසරන කෙල්ල ....එයා පව් ...එයා හැමවෙලාවෙම ඔයාලා ගැන හොයන්න හදන්නෙ...මම තමා එපා කියන්නේ...ඔයාලා මාර නපුරු හ්යුන්ලා..."
" අනේ මේ කුකී ඔයා ඒ උරචක්කරේ සුද්ද කරන්නෙ නැතුව ඉන්න....හැමදාම බීගෙනමයි බේබද්දියෙක් වගේ...නෑනෙ බේබද්දියෙක් තමයි....මහ රෑ ....තමුසෙට වෙන කෙල්ලක් හිටියෙම නෑ ඇගේ එල්ල ගන්න මගුල...."
" අහ් ජින් හියුන් නාකි නිසා කෑගහනෝ වැඩී....අනේ මගේ ලතෝනි හියුන්....කෝ මේ ජීව් නූනා අපේ ඕඩර් එක ගන්න කවුරුවත්ම එවන්නෙ නැද්ද අප්පා..."
" කටවහගෙන ඉන්නව කුකී....ඉවසනවකෝ...."
ජංකුක්ට වෙච්ච පහරදීම වෙලා දැන් සති තුනකට කිට්ටු වෙන්න ඇවිත්...නොවැම්බරේ අවසාන දින කිහිපය නිසා සෝල් නගරෙම නැවුම් සීතල වෙලා ගෙන තිබ්බා....bts ඩිබෙට් වෙච්ච කාලෙ ඉදන්නම් relax එකේ ඉන්න ආව කොෆී ශොප් එක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ...වෙනසකට තියෙන්නෙ ඒක කලින් කරගෙන ගිය අජුම්මා වෙනුවට දැන් ඉන්නෙ ජීව්....අවුරුදු හයක් තිස්සෙම කොෆී ශොප් එකේ vip room එකේ ඉන්න මේ කොල්ලො හත් දෙනාගේ දර්ශනේ ජීව්ටනම් හොදට පුරුදුයි....ජීව්ට මේ කොල්ලො හත්දෙනාම තමන්ගෙම මල්ලිලා වගේ......හුග කාලෙකට පස්සේ හවස් වෙන්න කොල්ලො ටික coffee shop එකට ආවෙ මේක එයාලගෙ පුරුද්දක් නිසාමත් ....නත්තලේ සතුට පිරුනු සෝල් නගරෙ ලස්සන බලාගානත්......
" ..ඔන්න එක්කෙනෙක් එනෝ..."
ජිමින්ගේ කෑගැහිල්ල මනෝ ගහගෙන හිටපු හයදෙනාම ආයෙ හොද සිහියට ආවා....හැමෝම බලාගෙන හිටියේ වෙනද තමන්ට හුරු පුරුදු වේටර් නූනා ඒවි කියලා....ඒත් ඇවිත් තිබුනේ නම් වෙන කෙනෙක්...හුරුබුහිටි පොඩි කෙල්ලෙක් සීරුවට ඇවිත් coffee menu එක table එක උඩින් තිබ්බා.....අලුත් කෙනෙක් නිසා කට්ටිය ටිකක් අමුතුවට බැලුවත් ඒ කෙල්ලව අපහසුතාවට පත් කරන්නෙ නැතුව ඉන්න කොල්ලො හත් දෙනාගෙන් හයදෙනෙක් මුකුත් නොකියා තමන්ගේ ඕඩර් එක කෙල්ලට කිව්වා...ඒත් හැම වෙලාවෙම කට කහන හාවා විතරක් තමන්ගෙ ප්රශ්න පත්තරේ කෙල්ල දිහාට දිග ඇරියා.....
YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...