"Nooo....minhu .....run run.....මට බේරෙන්න වෙන්නෙ නෑ.....ඔයා යන්න ඕනි මින්හු ඉස්සරහටම....i' m sorry....මට මෙතනින් නවතින්න වෙනවා....."
" but...."
"Please minhu....."
.
.
.
.
" ඩැඩී බලන්න මම ඒක කලා....ඔයා නැතුව....දැක්කද ඩැඩී.....i did it..."" ඕව්යේ ....මගේ කෙල්ල වැඩේ කලා....යාහ්....දැක්කනේ මේ කුකීයිී මින්හුයි එක්ක ආයෙ හැප්පෙන්න එන්න එපා....මෝඩ සොම්බියෝ....හාහා....."
වෙන දෙයක් නෙමෙයි එතන උනේ....කුකියි එයාගෙ පුංචි කෙල්ලයි වීඩියෝ ගේම් එකකින් දිනලා....ඔව් දැන් කුකී තාත්තා කෙනෙක්....අවුරුදු හතරක දග කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක්.....කෙල්ලටත් තාත්තා වගේම දාන්ගලේ.....ඒ වගේම තාත්තට වගේම ලස්සන බනී හිනාවක් කෙල්ලටත් තිබුනා.....
ඇත්තටම මේ තාත්තයි දුවයි දෙන්නම මේ බනී හිනාව කරදර වලින් බේරෙන්නෙ තුරුම්පුවක් විදියට පාවිච්චි කලා....විශේශෙන්ම තමන් කැමති දේවල් ඉල්ල ගන්න....
" යාහ් ....කෝ දැන් තාත්තයි දුවයි දාගලලා ඉවරද....අනේ මන්දා...පොඩි බබා කමක් නෑ...මේ නාකි බබත් පටන් අරන්නේ......බලන්නකෝ අප්පගෙ අදෝනාව ඇහිලා පොඩි කුකී හොදටම බය වෙලා....."
" මමී....කෝ...ඉන්න ...මල්ලි බබා බය වෙන්න ඕනි නෑ අනේ....මේ අක්කා ඉන්නවනේ....සොම්බිලා හුගක් පැරැද්දුවා මම...බය වෙන්න එපා හොදේ..."
" කෝ බලන්න මගේ කොලු පැටිය....කෝ ඉතින් අප්පගෙ චන්ඩි කොල්ලා...බය වුනාද ...."
තාත්තයි දුවයි මින්ජිගෙ ටිකක් විතර ඉදිරියට නෙරා ඇවිත් තිබ්බ පුංචි බඩට හාදු දිදී එයාලට එකතු වෙන්න ඉන්න පුංචි සාමාජිකයා එක්ක කතා කරනවා....
ඔක්කොටම හපන් ලොකු බනියා....කටත් උල් කර කර කතා කරන හැටි.....
" මින්හු පැටියෝ ඔයාගෙ සැන්විච් එක ඔම්මා හැදුවා...බබා ආසම විදියට හොදේ....බනානා මිල්ක් එකකුත් ඇති ....හොදට කන්න හොදේ....නැත්තන් මල්ලි බබාව බලගන්න මේ චූටි අක්කට ලොකු වෙන්න තව හුගක් කල් යාවි....."
මින්ජි කෑම ගැන කිව්ව පමාවට මින්හු කිචන් එකට දුවලා ඉවරයි.....ඉස්සර නම් මින්හුගෙ කටට කෑම ටිකක් දානෝට වඩා ලේසියි කාන්තාරෙ හිම හොයන එක....ඒත් එයා එයාගෙ මල්ලි ගැන දැන ගත්ත ගමන් කෙල්ලට උස යන්න ඕනි වෙලා...හැමදාම කෑම වැඩියෙනුත් කනෝ...උස යන්න ඕනි කියලා ජංකුක් එක්ක ජිම් යන්නත් පොර අල්ලනෝ කෙල්ල.....

YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...