අද එපියෙ අන්තිම වෙනකම්ම කියවන්න හොදේ....කතාව ගැන ලොකූ කමෙන්ට් එකක් ඕනිමයි මට.....ඇඩ් එකට සෝ සොරි 😁😁)
After few months ....
ජංකුක් මාස ගානක්ම පිස්සෙක් වගේ මින්ජිගෙ මතකයන් එක්ක විදෙව්වා......වෙලාවක මින්ජි කරමු පිස්සු වැඩ එයාගෙ හියුන්ලට මතක් කරලා බඩ පැලෙනකන් තනියම හිනාවෙන කුකී එක තත්පරෙන් ආයෙත් ඇස් දෙකේ කදුලු ඉවර වෙනකම්ම අඩන්න පුරුදු වෙලා තිබ්බා....එයාගෙ හියුන්ලා ටික හැම වෙලාවකම ජංකුක්ව තනි නොකර පරන කුකීව ආපහු ගේන්න ලොකු උත්සාහෙක යෙදුනා.....
ජංකුක් හොස්පිටල් එකෙන් පැනලා ආපු දවසෙ නමජූන්ට වෙච්ච හැමදේම කියලා.....මින්ජිගෙ පරන ජීවිත කතාව....එයා එදා බිල්ඩින් එකට ආපු හැටි .....මිස්ට පාර්ක් එක්ක වෙච්ච රන්ඩුව.......වගේ හිතේ තිබ්බ හැම දෙයක්ම කිව්වා
ඒ නිසා ජංකුක් ඉන්න තත්වය හියුන්ලට තේරුම් ගන්න පුලුවන් වුනා....ඒ නිසාම ජංකුක්ට හිත හදා ගන්න එයාලා කාලය දුන්නා.....
One day morning
" හියුන් මට ගොඩාක් බඩගිනි....මට මොනව හරි හදලා දෙන්න පුලුවන්ද...."
ජංකුක් උදේ පාන්දරම ජින් ගාවට ගිහින් හුරතල් වෙන්න ගත්තෙ පොඩි කෙනෙක් වගේ.....ජින්ට විතරක් නෙමෙයි අනිත් අයටත් කට වහගන්න බැරි තරම් පුදුමයි....එක පාරට නැගිටින්න ගිහින් තව ඩිංගෙන් ජින් සෝපාවෙන් බිමට වැටෙනවා.....
" මොනාද ජංකුක් හදලා ඕනි...මම උදේට අල පෑන්කේක් හැදුවා...කමක් නෑ ඕනි දෙයක් කියන්න...මේ හ්යුන් ඔයාට නැතුව වෙන කාට කෑම හදන්නද දෙයියනේ"
ජින් එකපාරටම කියාගෙන කියාගෙන ගියා ..........එතකොටම ජිමිනුයි ටේයි එක පාරටම නැගිටලා "හියුන් අපි අපි එතකොට ඔටුවොද ආ" කියලා බොරුවට අඩන්න ගත්තා....යුංගි එක පාරයි එරෙව්වෙ දෙන්නගෙ වචන ලොස්.......ඒත් එක්කම යුංගිත් නැගිට්ටෙ ජින්ට උයන්න උදව් වෙන්න....
" හියුන් මම උදේට මම පෑන්කේක් කන්නම්....මට දවල්ට හදලා දෙනවද...."
" කෝ ඉතින් කියන්න මොනාද හදලා ඕනි"
" ම්ම්....බතුයි.....චීස් ඔම්ලට්........කිම්චි සුප්.......අච්චාරු එක්ක මස්"
YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...