CHAPTER - 10

936 184 18
                                    

.......ජංකුක්ට සිහිය නැතිවුනා......

ජංකුක්ට ආපහු සිහිය එනකොට ජංකුක්ට දැනුනේ තමන්ගේ අත් දෙකයි කකුල් දෙකයි තදවෙන්නම ගැටගහලා කියලා...ඒ වගේම ජංකුක්ව කොහාට හරි අරගෙන යනවා කියලත් ඒ වෙලාවෙ ජංකුක්ට තේරුනා.......ඒත් අවාසනාවකට ආයෙමත් ජංකුක්ගෙ මූනට තිබ්බ ලේන්සුවකින් ආපු සැර ගද නිසා ජංකුක්ගේ සිහිය ආයෙමත් නැතිවුනා............

ජංකුක්ට ආපහු සිහිය ආවෙ හුග වෙලාවකට පස්සේ.....ඒත් ඔලුව පැලෙන්න තරම් වේදනාවක් ජංකුක්ට දැනුන නිසා ජංකුක් ඇස් ඇරගත්තේ හුගක්  අමාරුවෙන්

" ආ ....මෙන්න බලන්නකෝ අපේ ලොකප්‍රසිද්ධ ගායකයට සිහිය ඇවිත්.....කෝ ඉතින් කට්ටියම දැන් සද්ද නැතුව ඉන්න....මේ වගේ ජනප්‍රිය අය කැමති ගොඩාක් නිස්කලංක පරිසරවලටලු"

ජංකුක් තාමත් හිටියෙ හොද සිහියෙ නෙමෙයි....ඒ නිසාම එයාට වටෙන් ඇහෙන කටහඩවල් ගැන් කිසිම ගානක් නෑ.....ඒ එක්කම කෙනෙක්ගෙ විදානයක් නිසා එතන හිටපු දෙන්නෙක් ජංකුක්ව බාගෙට මිදුනු වතුර බාල්දියකින්ම නෑව්වා.....ඔලුව පැලෙන්න වගේ  තිබ්බ ජංකුක්ගේ ඇගම ගිනි ගන්නවා වගේ දැනුනා ඒ සීතල නිසා.....ඒත් තමන්ව ඇයි පැහැරගෙන ආවෙ කියලවත් ජංකුක් තාම දන්නේ නෑ....සීතල වතුර නිසා විනාඩි පහකට වගේ පස්සේ ජංකුක් හිමීට ඔලුව උස්සලා වටේම බැලුවෙ තමන් ඉන්නේ මොන වගේ පරිසරේකද කියලා බලාගන්න.............

ජංකුක් හිටියෙ බාගෙට හදපු ගොඩනැගිල්ලක ....ඒක නිසා උදේ පාන්දර එන සීතල හුලං කිසිම අවසරයක්වත් නැතුව ජංකුක්ව ආදරෙන් වැලද ගත්තා....මේ හින්දා ජංකුක්ගෙ ඇග සීතලින් පුදුම විදියට  පීඩා වින්දා....එලිය පේන විදියට තමන් ඉන්නේ අනිවාරෙන් හතරවෙනි හරි පස්වෙනි තට්ටුවෙ කියලා ජංකුක් ඉක්මනටම තේරුම් ගත්තා..ජංකුක්ගෙ මේ සිතුවිලි වලට සම්පූර්නෙන්ම බාදා උනේ....ජංකුක්ට කලින් ඇහුන කටහඩම ආයෙ ඇහුන නිසා.....

" මොකද ඔය මහත්තයා වටපිට බලන්නේ....ඇයි මේ තැනේ පහසුකම් මදිද"

කපටි හිනාවකුත් මූනෙ පුරවගෙන ඉන්න මැදිවයසේ පිරිමි කෙනෙක් ජංකුක් දිහාට හැරිලා ඇහැව්වා.....මූනෙනම් කරුනාවක සේයවක්වත් ගාවිලා නෑ.....මොනව උනත් කඩවසම මූනක් තිබ්බ නපුරු කෙනෙක්......

snowflake || JJK ✅Opowieści tętniące życiem. Odkryj je teraz