...ජංකුක්ගෙ හ්‍යුන්ලා දෙන්නෙක් vip room එකේ ඉදගෙන ඉන්නවා.....දෙන්නම ගොඩාක් ලස්සනයි ජංකුක් වගේම....මින්ජි හිමීට දොර වහලා හ්‍යුන්ලා දෙන්නටම ආචාර කලා....එයාල වාඩි වෙන්න කියනකන් මින්ජි හිටගෙන බලාගෙන හිටියා....මින්ජි හිටගෙන ඉන්නව දැකලා තමයි එක්කෙනෙක් කිව්වෙ වාඩි වෙන්න කියලා..
" කොහොමද මින්ජි, අපි ආවෙ ඔයාට ටිකක් හම්බවෙලා නිදහසේ කතා කරන්න....අපි ආවා කියලා ඔයා ජංකුක්ට කියන්න එපා හොදේ..."
මින්ජි එයාලා කිව්ව දේට එකගවෙන බව පෙන්නන්න හිනාව උනා....
" ආහ් ,මින්ජි ඉස්සෙල්ලා මම ඔයාට මාව අදුන්නලා දෙන්නම්....ඔයා ඉතින් අපිව දන්නවත් ඇතිනේ...මගේ මල්ලි ඔයාට අපි ගැන කියන්න ඇති නේ...මම කිම් සොක්ජින් ....ලොකු හ්යුන් එයාගෙ...මේ ඉන්නෙ කිම් ටේයුන්...ජංකුක්ගෙ පොඩිම හ්යුන්....මේකයි ...ඔයා දන්නවනේ මින්ජි ජංකුක් වෙලාකවට ටිකක් බොලදයි...එයා හැමදේම තනියම දරා ගන්න හදනවා...අපිට එයාව හම්බඋන කාලෙ ඉදන්නම් ඒ පොඩි කොල්ලා එහෙමයි.....එයා අපිට එයාව ටීනා රැවැට්ටුවා කියලවත් කිව්වෙ නෑ....මම ඒක දැක්ක නිසා තමයි අපිත් ඒක දැනගත්තේ.....මම ජංකුක්ව අවුරුදු 15වේ වගේ ඉදන් බලාගන්නෙ...අපි හැමෝම අපේ මල්ලිට අම්මා තාත්තගෙ අඩුවෙ නොදැනෙනෙ විදියට සැලකුවා...එයා ගැන හොයලා බැලුවා...අපි හිතනෝ ඇත්තටම අපි එහෙම කලා කියලා ....අපි හැමෝම අපේ පොඩි එක්කෙනාට කිසිම දුකක් නොදෙන්න වග බලාගත්තා...මොකද එයා තමයි එයාගෙ හ්‍යුන්ලා හයදෙනාගෙ හැමදේම .....ජංකුක් කියන්නෙ ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් මින්ජි....ජංකුක්ගෙ කටින් වචන දහයක් කිව්වොත් ඒකෙන් අටක්ම ඔයා ගැන....එයා ආදරේ කරන්න ආදරේ විදින්න ඔයාව තෝරගත්තෙ එයාට ඔයාව දැනෙන නිසා වෙන්න ඇති.............."
" ඔව් මින්ජි .....ඔයාටම තේරිලා ඇතිනේ ජංකුක් හැමවෙලාවකම පොඩි කෙනෙක් වගේ....ඔයාට එයාව තේරුම් ගන්න පුලුවන් කියලා හිතනෝ...ජින් හියුන් කිව්වා වගේ කුකී කියන්නෙ අපේ හැමදේම ....ජින් හියුන් කුකීට අම්මා තාත්තා දෙන්නම උනා...අපිත් එයාට අඩුවක් නොදැනෙන්න උපරිමෙන්ට ආදරේ කලා.....දැන් එයා ඔයාගෙනුත් ආදරේ බලාපොරොත්තු වෙනවා....මගේ මල්ලිව තනි කරන්න එපා මින්ජි......අපි ඔයාගෙන් ඉල්ලන්න ආවෙ අපේ මල්ලිව හොදින් බලාගන්න කියලා...එයාට සාමාන්‍ය කොල්ලො වගේ ඔයා එක්ක හැමවෙලාවකම නිදහසේ ඉන්න බැරිවේවි ......එයා අයිඩෝල් කෙනෙක් නිසා....ඒත් එයා පුලුවන් හැම වෙලාවකම ඔයා ගාවින් ඉදීවි.....ඔයාට ආදරේ කරාවි....මම හිතන්නෙ නෑ අපෙ කුකී ඔයාගෙ පෙනුමට විතරක් කැමති වෙන්න ඇති කියල...එයාගෙ හදවතට දැනෙන විශේශ දෙයක් ඔයා ගාව ඇති අනිවාරෙන් .....කරුනාකරලා.එයාට දුකක් දෙන්න එප හිතලා ඒකෙන් එක්කෙනෙක්ට නෙමෙයි අයියලා හයදෙනෙක්ටයි....සම්පූර්න ආමි ෆැමිලි එකටයි තමයි දුක දැනෙන්නෙ.....අපේ කුකී දැන් ඔයාගේ boyfriend ඉතින් මින්ජි එයාව බලාගන්න...."

YOU ARE READING
snowflake || JJK ✅
Fanfictionලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම...