ජිමින් එකපාරට රතු වුණේ එයා දිහා සුදුමැලි පිරිමි ළමයා බලනවා දැකලයි.
ජිමින්ට ඉන්න දවස් වල ඒ පිරිමි ළමයට ආදරේ කරන්න ඕන වුණා. දැන් සති දෙකකට පස්සේ ජිමින් ඒ පිරිමි ළමයගේ අවධානයට ලක් වෙලා.
දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා ජිමින්ටමයි හිතා ගන්න බැරි වුණේ.
එයා හිනා වුණා.
සුදුමැලි පිරිමි ළමයත් අනිත් පැත්තට යන්තමින් හිනා වුණා.
මිත්‍රශීලී ඒත් යමක් හංගන හිනාවක්.
ලොකු වේදනාවක්...
කාට හරි ඒක කියන්න ඕන කියලා දැනෙන හිනාවක්....