viii

616 134 21
                                    

ජිමින්

ඔයා ජීවත් වෙනවා කියලා මම දැන් දන්නවා. ඒ නිසා මේක කියවන්න. මම කරපු දේ ගැන ඔයා හිතන්න එපා. මම කොහොමත් මරණ දඬුවම නියම වෙලා හිටපු කෙනෙක් නිසා ඒක කමක් නැහැ.

ඔයා බලනවා ඇති ඒ මොකක්ද කියලා. ඔව් ඔයා නොදන්නවා වුණාට මම නමගිය අපරාධකාරයෙක්. මිනී මැරුම් සිය ගාණක් කරපු කෙනෙක්. අගුස්ට් ඩී... ඔයා අහලත් ඇති. ඔයා බයවෙලත් ඇති මට.

ඒත් මම ඔයාට ආදරේ කළේ ඇත්තටමයි. ඔයා මං දිහා බලපු විදිහට මම හිතුවා මාත් එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න ඔයාට පුළුවන් වෙයි කියලා.

මීට දවස් තුනකට කලින් මට නියෝගයක් නිකුත් කරලා තිබ්බා අවුරුදු දහයක හිර දඬුවමකට පස්සේ මරණ දඬුවම. ඒක සිද්ධ වෙන්න කලින් ඔයා එක්ක ඉන්නයි මට ඕන වුණේ. ඒත් ඔයා මාව දාලා යයි කියලා මම ඒක ඔයාට කිව්වේ නැත්තේ.

මට සමාවෙන්න ඒ හැම දේටම ජිමින්. මම තව අවුරුදු දහයකින් මැරෙනවට වඩා හොඳයි ඔයා සතුටින් ඊටත් වඩා කල් ජීවත් වෙන එක.

ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න. අමාරුවෙන් ලැබුණු ඒ ජීවිතේ නැති කරගන්න එපා. ඔයාට මාත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳ අනාගතයක් උරුම ඇති.

ජිමින්

මට ඔයාට කියන්න ඕන වුණේ කිසිම මනුස්සයෙක් සම්පූර්ණ හොඳත් නැහැ කිසිම මනුස්සයෙක් සම්පූර්ණ නරකත් නැහැ.

මම දන්නවා මම පව්කාරයෙක් කියලා. අහිංසක ජීවිත ගාණක් නැති කරපු කෙනෙක් කියලා. මම මිනිස්සුන්ව මැරුවේ හේතුවකට නෙවෙයි. මගේ මානසික ආබාධයක් නිසා.

ජිමින්, මට සමාවෙන්න මම ඔයාව රැවැට්ටුවා නම්.

ඔයාගේ ජීවිතේට මගේ සුබ පැතුම්.

මීට මින් යුන්ගි. 

𝐌𝐈𝐍𝐄 𝐀𝐍𝐃 𝐘𝐎𝐔𝐑𝐒Where stories live. Discover now