ජිමින් යුන්ගි සිටි කාමරයට යන විට යුන්ගි ඔහුගේ ජීවිතයේ අවසාන අදියරය ගත කරමින් සිටියේය.
'හ්‍යුන්ග්!'
යුන්ගි දෑස පමණක් චලනය කර ඔහු දෙස බැලුවේය. ජිමින් කඳුළු පිරි දෑසින් යුතුව යුන්ගි අසලට ගොස් ඔහුගේ දෑත මිරිකීය.
යුන්ගිගේ දෑස තදින් පියැවිණි. කඳුළු ගලා ගිය දෙකොපුල් සහිතව ඔහුගේ අවසන් සුසුම පිට විය. ඔහුගේ හද ගැස්ම ගණනය කරමින් තිබූ යන්ත්‍රය විසල් ශබ්දයක් සමඟින් නැවතිණි.
හෙදියක් පැමිණි නැවත එය පරීක්ෂා කළාය. 'එයා ගිහින් ඉවරයි.'
සුසුමක් සමඟින් ඇය ඔහුට සවි කර තිබූ සියලු යන්ත්‍ර ඉවත් කළාය. හිර වෙමින් තිබූ සුසුම් සමඟින් ජිමින් ඉදිරියට නැඹුරු වී යුන්ගිගේ උණුසුම පිට වෙමින් තිබූ දෙකොපුල් දෑතින් පිරිමැද්දේය.
ජිමින්ගේ කඳුළු යුන්ගිගේ මුහුණට වැටෙනා අතරේම ඔහු තමාගේ පිරුණු උණුසුම් දෙතොල් යුන්ගිගේ නිසල මියගිය දෙතොල් මතින් තද කළේය.