ඔහු රෝහලට යන විට ජිමින් ඇඳක නිහඬව වැතිරී සිටියේය.
'ජිමින්...'
ජිමින් මලානික දෑසින් ඔහු දෙස බැලුවේය. 'හ්යුන්ග්...'
'මොකද ඔයාට වුණේ?' යුන්ගි විමසුවේ කඳුළු පිරි දෑසිනි.
ජිමින් දුර්වල සිනහවක් පෑවේය. 'මට තව කල් ඉන්න බැහැ හ්යුන්ග්... මම මැරෙයි කියලා එයාලා කියනවා. මගේ මොළේ කොටස් මැරීගෙන යනවලු...'
යුන්ගි ජිමින්ගේ අතක් තමාගේ දෑතට මැදි කරගත්තේය. 'ජිමින්...'
'හ්ම්ම්...'
'මම අද ඔයාගේ ගෙදරට ගියේ ඔයා මගේ වෙනවද අහන්නයි... මට දැනුත් ඒකමයි අහන්න ඕන... ඔයා මගේ වෙනවද?'
'හ්යුන්ග්... මම වැඩි කල්,' ජිමින්ගේ තොල් තමාගේ තොල් වලට හිර කරගත් යුන්ගි ඔහුව නිහඬ කළේය.
'මම අහපු එකට උත්තරයක් දෙන්න...'
ජිමින් තමාගේ සේලයින් කටු සම්බන්ධ කර තිබූ අතින් යුන්ගිගේ මුහුණ තමා වෙතට ළං කර තද කර තබා ගත්තේය. 'ඔව් හ්යුන්ග්.'