ඩ්‍රයිවර් අයියා ආවට පස්සෙ මං වාහනේට නැගලා ඉදගත්තා.ඉදගෙන බලාගෙන හිටියා.මට ඇත්තටම අමතක වුනා යන්න ඕනෙ කොහෙටද කියලාවත් එයාට කියන්න.ඒ නිසා මං සද්ද නැතුව ඉදගෙන හිටියා.අයියත් මං දිහා දෙතුන් සැරේ හැරි හැරි බැලුවට මං ඒකත් වැඩිය ගනන් ගන්නෙ නැතුව පැත්තක් බලාගෙන ඉදගෙන හිටියා................"කොහෙටද මිස් අපි යන්න ඕනෙ..??"
"ආහ්.........මං ඔයාට කිව්වෙ නැද්ද .......?"
"නැනෙ මිස්"
"අනේ අයියේ සොරි මම ඇත්තටම වෙන කල්පනාවක හිටියෙ ඒකයි කියන්න බැරි වුනේ......."
"ආහ්........ඒක කමන්නෑ මිස් දැන් කියන්නකො කොහෙටද යන්න ඕනෙ"
"Bighit company එකට යමු අයියේ"
"හරි මිස්"
"අයියේ යනගමන් bookshop එකකින් නතර කරන්න මට පොතක් ගන්න ඕනෙ"
"පොතක් 🙄🙄🙄 ඒ මොකටද "
"පොතක් කිව්වට පොතක්මත් නෙමේ........මේ..............Note book එකක් "
"ආහ්........හරි මිස් "
එහෙම කියලා 1km විතර ගිහින් එයා වාහනේ නැවැත්තුවා.
"Miss අර පේන bookshop එකෙන් missට ඕනෙ දේ ගන්න පුලුවන්"
"හරි අයියේ විනාඩි 5ක් ඉන්නකො මං ඉක්මනට අරන් එන්නම්"
"හරි miss.......පරිස්සමෙන් "
"හරි අයියේ......"
එහෙම කියලා මං bookshop එකට ගිහින් notebook එකකුයි පෑනකුයි අරගෙන ආවා.ඇවිල්ලා වාහානේට නැග්ගා.
"හරි අයියේ අපි යමු "
"හරි miss..."
ඊටපස්සෙ වාහනේ අද්දලා ආයෙම යන්න පටන් ගත්තා.වැඩිය කතාබහක් නැතුව අපි දෙන්නා bighit එකට ගියා.ගිහිල්ලා මම වාහනෙන් බැස්සා......
"අයියේ ටික වෙලාවක් එළියෙන් ඉන්න.මං ඉක්මනට ආපහු එන්නම්..."
"හරි මිස්........"
එහෙම කියලා මං bighit එක ඇතුලට ගියා.මං කෙලින්ම ගියෙ btsලා practice කරන hall එකට.Hall එකට යනකොටත් එයාලා practice පටන් අරන් තිබ්බෙ.මං යනකොට වෙලාව 11.00ට විතර ඇති.මං ඇතුලට එනවා දැකලා එයාලා practice කරන එක නතර කරා..................
YOU ARE READING
Apple VS Mochi❤️(completed)
Fanfictionමගෙ නම රෝසි....අවුරුදු 21යි.... කොරියාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.... ඒ ඉන්නකොට යන්න චාන්ස් එකක් ලැබුනා..... කියවලා බලන්නකො....☺️😊💜️