Nishi's pov
ගෙදර ආවට පස්සේ තමා හිතට සහනයක් දැනුනෙ. ඒ එක්කම ආශි කරපු දේවල් වලට හොද දෙකක් කියන්න ඕන කියලා හිතුවා. නැත්නම් මේකා හැදෙන්නේ නෑනෙ.
"මේ ආශි මොකක්ද අනේ ඔයා ඒ හැසිරුනු විදිය අර ලමයා ඉස්සරහ? අනික මහාපාරෙ කන්න ඕන කියලා පිස්සුවක් නැටුවා. මොකක්ද අනේ ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද? මටත් හොදටම ලැජ්ජයි. අනික අර ලමයට මොනවා හිතෙන්න ඇත්ද?...." මං එහෙම කටට ආපු ඔක්කොම වචන දාලා ආශිට බැනගෙන ගියා. ඒත් එයා නෙවේ ඒ එකක්වත් අහන් හිටියේ.😒😒😒
අයියො නිශි ඒ ඉතිං මගේ හැටිනෙ. අනික ඔයා දන්නවනේ මගේ මොලේ ගැන.😉😏 ආශි එහෙම කිව්වෙ මගෙන් බේරෙන්න වගේ
"ඔව් ඔව් මං නම් දන්නවා ඔයාගෙ ඔළුවෙ තියෙන්නේ මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක් කියලා. ඒත් අර ළමයා ඔයාගෙ මෝඩ මොලේ ගැනවත්,ඔයාගෙ හැටි ගැනවත් දන්නෙ නෑනෙ. තාම දැනගෙනත් දවසක්වත් ගියෙ නෑ. ඒ ළමයට ඔයාව එපා වෙන්න ඇති අද දවසෙන්ම." මමත් එහෙම කිව්වෙ මගේ හිතෙ තිබ්බ තරහටමයි.
"කමක් නෑ දැන් එයා දැනගත්තනෙ මං ගැන.😏😏 අනික මාත් එක්ක යාළු උන කෙනෙක් කවදාවත් තරහ වෙලා නෑ හරිද? මට යාළුවෝ යාළු කරගැනීම ගැන අවුරුදු විස්සක පලපුරුද්දක් තියෙනවා. ගිය ආත්මේ ඉදන්.😏😏"
"ඔව් ඔව් මං දන්නවනේ ඔයාගේ අවුරුදු විස්සක පලපුරුද්ද ගැන 🤣🤣 ඒ ගැන කවර කතාද? ඔයා ඉස්කෝලෙ කොල්ලො කී දෙනෙක්ට බූට් තියලා තියනවද? කීයද කියලා මතකත් නෑ 😅😅😅 "මං එහෙම ආශිගේ ඉස්කෝලෙ කාලෙ දෙයක් මතක් කරල ගත්ත.
"හරි හරි ඉතින් එයාලා මාත් එක්ක තරහ නෑනෙ 😁 ඒක නෙවේ. ඔයා මොකටද ආපු වෙලේ ඉදන් ජිමින් ගැනම අහන්නෙ? එයා පව්නෙ,එයා මොනවා හිතුවද දන්නෙ නෑ කිය කිය අහන්නේ? එයා මොනවා හිතුවත් ඔයාට මොකද? ආව්.. එයා ගැන හිතිලද කොහෙද😏😏, ඔව් කොල්ලා හැනඩියනෙ😉. ආව් ආව් ජිමින් ජිම්න්... 😝😝😝''එහෙම කිය කිය මාව ආශි අවුස්සන්න ගත්තා.
"අනෙ පිස්සුද මං මොකටද එයාට ආදරේ කරන්නේ? එයා අනික කෙල්ලොන්ට කැමතිත් නෑලුනෙ. ඉතිං මං මොකටද එයාට ආදරේ කරන්නේ? ඔයාට පිස්සුද? "මෙයාට පිස්සුද මන්දා නැති දේවල් මගෙ ඔළුවට දාන්නෙ 😐😐😑
YOU ARE READING
The Mermaid Story (Sinhala Fanfiction)
Fanfictionජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021