Nishi's pov
"හැබැයි මේක කාටවත් කියන්න එපා. අඩුම ගානේ ජිමින්ටවත්. මොකද අපි මේක ඔය දෙන්නට කියන්න හිතුවේ ජිමින් අපෙ යාළුවා උනත් ඔය දෙන්නට ජිමින්ට වඩා ගොඩක් දැනුම් තේරුම් තියෙන නිසා. මං හිතනවා මේකට ඔයාලා සාධාරණ විසදුමක් දෙයි කියලා වගේම මේ දේ ගැන ඔයාලා දෙන්නා පොඩ්ඩක් හරි දන්නවා ඇති කියලා. ඒත් පොරොන්දු වෙන්න මේක කාටවත් කියන්නේ නෑ කියලා. " ආශි කියාගෙන කියාගෙන ගියා. මං හිතන්නේ එයා මේ සිද්ධියෙන් පස්සෙ සීරියස් වෙලාද කොහෙද.
"හම් හරි අපි පොරොන්දු වෙන්නම්කො හරි දැන් කියන්නකො මොකක්ද ප්රශ්නේ කියලා." ජිනී ඔන්නි ඇහුවා.
"මට ඉස්සෙල්ලම වතුර වීදුරුවක් දෙන්න පුළුවන් ද?" මං එහෙම ඇහුවෙ මේක ඒ දෙන්නට පෙන්නලා කියන්න ඕන නිසා.
ජිනි ඔන්නි මට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා.
"අනේ මන්දා මේක ඔයාලා විශ්වාස කරයිද කියලා. ඒකයි මං ඔයාලට මේක පෙන්නලම කියන්න හැදුවේ."මං එහෙම කියලා අර වීදුරුව දිහාට අත දික් කලා. එතකොට අර උදේ උනා වගේ වතුර වීදුරුවෙන් ලොකු වතුර බෝලයක් මගෙ අත ලගට ආවා. ඒ එක්කම මගෙ මුද්දෙ දියමන්තිය දිලිසෙන්න ගත්තා.
ටිකක් වෙලා මං ඒක අල්ලගෙන ඉදලා වීදුරුවටම අත ඇරියා. එතකොටම බය වෙලා හිටපු ආශි ඒ වීදුරුව අරගෙන ඒකෙ වතුර ඔක්කොම එක හුස්මට බීලා දැම්මා.
ඔන්නිලා දෙන්නත් හිතා ගන්න බැරුව මූනට මූන බලාගෙන හිටියා.
"ඒක විතරක් නෙවෙයි තව තියෙනවා" මං එහෙම කියලා කිචන් එකේ පත්තු කරලා තිබ්බ ලයිට් එකට අත දික් කලා. ලයිට් එකත් සුපුරුදු විදිහට මං අත දික් කලාම 'කරස්' ගාලා පිච්චිලා ගියා.
"මට සමාවෙන්න ඔයාලගෙ ලයිට් එක පුච්චන්න උනාට. මට මේක ඔය දෙන්නට පෙන්නන්නයි ඕන වුණේ. මං අලුත් බල්බ් එකක් ඕන නම් ගෙනත් දෙන්නම්කෝ. මට දැනගන්න ඕන මොකක්ද මේ වෙන්නේ කියලා. අපි දෙන්නා මේක ඔයාලට කිව්වේ ඔය දෙන්නා අතෙත් මගෙ වගෙම මුදු දෙකක් තියෙන නිසා. මට හිතෙනවා ඒ මුද්දයි මේකයි අතර මොකක් හරි දෙයක් තියෙනවා කියලා." මං එහෙම කිව්වාම ඔන්නිලා දෙන්නට මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරි වුණා.
YOU ARE READING
The Mermaid Story (Sinhala Fanfiction)
Fanfictionජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021