Part 7

1K 193 6
                                    

Nishi's pov

මට තිබ්බ මහන්සියත් එක්ක හොදට නින්ද ගියත් නින්ද මැද්දේ හිනෙන් කවදාවත් නැතුව මගේ අත්තම්මව පෙනුනා. එයා කිව්වෙ මහා අමුතු කතාවක්.

"පුතේ මට අද හරිම සතුටු දවසක්. මොකද කියනවනම් මෙච්චර කල් මං බලාගෙන හිටපු දේ අද සිද්ධ වෙනවා. ඔයා තමා අපේ ඊලග බලාපොරොත්තුව පුතේ. ඔයා තමා අපේ පරපුරේ ඊලග පුරුක. ඔයා තමා අපේ කුලයේ ඊලග රැජිණ.

පුතේ, ඔයා දන්නේ නැති වුනාට මුළු ලෝකයම හොල්ලන්න පුළුවන් බලයක් ශක්තියක් ඔයාගෙ ඇගේ දැන් තියෙනවා.
මං මෙච්චර කල් බලාගෙන හිටියේ ඒ බලය ඔයාගෙ අතට ගන්නකම්. මට ලොකු බලාපොරොත්තුවක් ඒක ගැන තිබුණා, මං ඒක දැක්කා.

පුතේ දැන් ඔයා පරිස්සම් වෙන්න ඕන කාලය ඇවිත්. ඔයා දන්නේ නැති වුනාට ගොඩක් හතුරන් ඉන්නවා ඔයාව මරන්න බලාගෙන. ඒ අයගෙන් ඔයා ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම ඔයාගෙ සහකාරයා හොයා ගන්න කාලය හරි.  එයා ඔයාට හැමදේටම උදව් කරයි. එයා තමා ඔයාගෙ ආරක්ෂකයා වෙන්නෙ.ඔයාගෙ සහකාරයාව හොයා ගන්නකම් ඔයාගේ අතේ තියෙන මුද්ද තියෙනවා ඔයාගෙ ආරක්ෂාවට. ඔයාගෙ සහකාරයාව හොයා ගන්නත් ඒ මුද්ද ඔයාට උදව් කරයි.

පරිස්සම් වෙන්න පුතෙ. මං ඔයාට වෙන හැමදේම බලාගෙන ඉන්නවා. අද මධ්‍යම රාත්‍රියේ ඉදන් ඔයාගේ ඇගෙ තියෙන ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්න පටන් ගනියි."

එහෙම කියලා අත්තම්මාව පේන්නේ නැති වුනා. ඒ එක්කම මාව හීනෙන් නැගිට්ටුනා.

අම්මෝ මොනවද ඒ අත්තම්මා කියෙව්වෙ?  මට බලයක් තියෙනවලු, පරිස්සම් වෙන්නලු කීයද අප්පා වෙලාව දැන්?

දොලහට දහයයි වෙලාව.🤪🤪🤪 අනේ මන්දා බයත් හිතෙනවා. මං එහෙම හිතලා නිදාගත්තා.

ආපහු උදේ පාන්දර නැගිට්ටුනේ මට ඇති වෙච්ච වතුර තිබහ නිසා.
නිදිමතේම පහලට ගිහින් ලයිට් එක දාන්න ස්විච් එක ඔන් කරනකොටම ලයිට් එක පිච්චිලා ගියා.

"ආ.. මේ ලයිට් නම් මේ වෙලාවටමනෙ පිච්චෙන්නෙ." මම එහෙම කියලා අමාරුවෙන් ඉටිපන්දමක් හොයාගෙන පත්තු කළා.

එතකොටම මට මතක් වුනේ ඊයෙ ආත්තම්මා කිව්ව දේ. මං එහෙම හිතලා නිකමට වගේ වතුර ටැප් එක ඔන් කරලා ඒකට අත දික් කලා. එතකොට මගෙ අතේ මුද්ද දිලිසෙන්න ගත්තා.
එතකොටම මගෙ අත ඉස්සරහට ලොකු වතුර බෝලයක් ටැප් එකෙ වතුරෙන් ඇදිලා ආවේ මාවත් බය කරගෙන. ඒක මං අත හරවන හරවන පැත්තටම යනවා. මොකක් මේකද එතකොට ඊයෙ ආත්තම්මා කිව්ව බලේ? එතකොට අර ලයිට් එක පිච්චුනේ?? මො - මොකක්? මට මොකක්ද මේ වෙලා තියෙන්නේ?🤪😲 ඒ එක්කම මගෙ අතින් අර වතුර බෝලෙ සින්ක් එකට වැටුනා.

The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now