Nishi's pov
අපි දෙන්නට මේකප් කරන්න ටිකක් වෙලා ගියපු නිසා පාර්ටි එකට යන්න ටිකක් පරක්කු වුණා. කොහෙද ඉතින් මේ ආශිගෙ වැඩේම මේකප් කරන එක. යන ගමනුත් මේකප් කරනවා.
අපි එනකොටත් ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. මුහුදු වෙරලෙ පාටිය තිබ්බෙ. ටේබල් ගොඩක් දාලා තිබ්බ. මැද්දෙ ලොකු ටේබල් එකක ජිමින්ගෙ ලස්සන බර්ත්ඩේ කේක් එක තිබ්බා.
අපි යනකොට හැමෝම එයාලගේ කතාවල් නවත්තලා අපි දිහා බලාගෙන හිටියා. ජිම්නුයි එයාගෙ හියුන්ග්ලයි අපි එනවා දැක්කා. අර ඔන්නිලා දෙන්නත් හිටියා. ඒ දෙන්නත් හරිම ලස්සනයි. හියුන්ග්ලත් ලස්සනට ඇදගෙන ඇවිත් හිටියා.
එතකොටම වගේ ජිමින් අපි ලගට ලස්සන හිනාවක් දාගෙන ආවා. එයා අද හරියට මල් කුමාරයෙක් වගේ. දම් පාට කෝට් එකට එයා හරිම හැන්සම්.
"අනේ ඔය දෙන්නා ආවද?" එයා හිනාවෙලා ඇහුවා.
"ඔව් හැපි බර්ත්ඩේ ජිම්න්. මේක මගෙන් ඔයාට." මම එහෙම කියලා මං ගෙනාපු තෑගි ටික ජිමින්ට දුන්නා.
"ආ මගෙනුත් ඔයාට තියෙනවා තෑගි. මං ගෙනාපු ඒවා මෙයාගෙ ඒවට වඩා වටිනවා හොදේ 😏😏"එහෙම කියලා ආශිත් එයා ගෙනාපු ඒවා දුන්නා.
"අනේ තැන්කියු. මෙච්චර මොකටද වියදම් කලේ? පොඩි දෙයක් ගන්න තිබ්බනෙ" ජිමින් ඒවා ගන්න ගමන් එහෙම කිව්වා.
"අපි යාළුවොනෙ ඉතිං. ඒක නෙවේ ඔයා අද හරිම ලස්සනයි ❤️." මම එහෙම කිව්වා.
"ඔව් බං උබ අද ඉන්න විදියට ඊලග දවසෙ ඉඳන් කෙල්ලො එයි උබේ පස්සෙන්." ආශිත් මගේ දිහා බලලා කිව්වා.
"තෑන්ක්ස්. ඔය දෙන්නත් අද හරිම ලස්සනයි." ජිමින් ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා කිව්වා."ඔය දෙන්නා මගෙ අම්මයි තාත්තයි දැකලා නෑනෙ ඉන්න මං පෙන්නන්නම්. එයාලත් අද ආවා." එහෙම කියලා ජිමින් අපි දෙන්නවත් ඇදගෙන ටේබල් එකක් ගාවට එක්කගෙන ගියා. එතන අවුරුදු පනහක විතර වයස ජෝඩුවක් හිටියා.
YOU ARE READING
The Mermaid Story (Sinhala Fanfiction)
Fanfictionජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021