Part 14

1K 212 15
                                    

Author's pov

සති අන්තෙන් පස්සේ අාපහු නිශිට කැම්පස් එන්න පුළුවන් වුනා. දැන් කෙල්ලට කිසිම බයක් නෑ. කෙල්ලට දැන් තමන්ගෙ බලය තමන්ටම පාලනය කරගන්න හැකියාව තිබ්බා. එ්ක නිසා ඔන්නිලාටත් එච්චර මහන්සි වෙන්න ඔ්න වුනේ නෑ. තව ඉතින් ජිමිනුත් ඉන්නවනෙ.
ජිමින් අාවට නිශිගෙ මේට් වගේ හැසිරෙන්න එයාට කිසිම ඔ්නකමක් තිබ්බේ නෑ. එයා හිතුවෙ නිශිට දැන් ලොකු බලයක් තියෙන නිසා එයාට එයාගෙ අාරක්ෂාව සලස ගන්න පුළුවන් වෙයි කියලා. අැරත් කොල්ලා කොහොමත් මාර්ක් කලාට නිශිගෙ මේට් විදියට හැසිරෙන්න පොඩ්ඩක් වත් කැමැති නෑ. කොල්ලට ඔ්න වුනෙ පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන ඉන්න. නිශි එයා ගැන ජිමින් වැඩිය හිතන්නේ නැති එකට පොඩ්ඩක් අවුලෙන් හිටියට එයා ජිමින්ට එයාගෙ වැඩ වලට බාධා කරන්නේ නෑ කියලා පොරොන්දු වෙච්ච නිසා එයත් එයාගෙ දේවල් තනියම කරන්න හිතාගත්තා.

සෝහො නිශි දවසක් අැර දවසක් කැම්පස් එන එකට අවුලෙන් හිටියට දැන් එයා හැමදාම එන නිසා සතුටෙන් හිටියා. එ්ක නිසා වෙනදාටත් වඩා වැඩියෙන් කෙල්ලගෙ පස්සෙන් ගිහින් වාත වෙන්න ගත්ත. ජිමින් මේ කෝලම් නොදැක්කාමත් නෙවේ. එ්ත් එයා තාම අාදරය කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැති නිසා එයා එ්ක ගැන ගානක්වත් කලේ නෑ.

කෙල්ල දැන් හැමදාම කැම්පස් එන නිසා සුහො හිතන් හිටියේ ඉක්මනින් නිශිගෙන් කැමැත්ත අහන්න කියලා. මේ ගැන අාශි බයෙන් හිටියේ මොකද එයත් සුහොට උදව් කරපු නිසා. කොහොමත් දැන් කොල්ලගෙ හිත වෙනස් කරන්න බෑ කියලා අාශි දැනගෙන හිටියේ.

එ්ත් ඉතින් දවස් තුනකට විතර පස්සෙ අමුතුම වැඩක් තමා වුනෙ

නිශියි අාශියි අැවිද අැවිද හිටියේ කැම්පස් එකේ library එක ගාව තියෙන ලස්සන පාර්ක් එකේ. පාර්ක් එක library එක අල්ලපු වත්තෙ නිසා library එකට පාර්ක් එක හොදට පේනවා. මේ වෙලාවේ ජිමිනුත් library එකේ පොතක් කියව කියව හිටපු නිසා කොල්ලට කෙල්ලො දෙන්නාව හොදට පේනවා. එ් වුනාට කොල්ලා එ් ගැන වැඩි තැකීමක් නොකර තමන් ගෙනාපු පොත කියව කියව හිටියේ.

The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now