1 - 1 ජොගින්

931 87 14
                                    

My Friend
මධු

_________ 1 - 1 __________

- මධූ pove -

" යා යා යා , ඉක්මන් කරනවා .... ආහ් පල්ලි පල්ලි .... ඔහොම හිටියොත් හැමදාම පිටි මුට්ටෙ වගේ තමයි ඉන්න වෙන්නෙ .... "

කුකී පාර්ක් එකේ දි කෑ ගැහුවෙ මම මඟ නැවතිලා හති අරිද්දි ....

,,, ආහ් මෙයාට නම් මොකද ...? මම එපැයි පණ දාගෙන දුවන්නෙ මේ ඇඟත් උස්සගෙන .... ,,,

" ටි..ක..ක් ඉන්න හ්හ්හ්ඵූ .... මහා..න් සි..යි ... "

මම හති ඇර ඇර කිව්වත් මෙයාට නම් ගානක් නෑ ඉණට අත් දෙකත් තියන් බලන් ඉන්නවා ....

" ඔහොම නම් බෑ මධූ ... තව කොච්චර කාලයක් මනමාලයො හරවලා යවන්නද කල්පනාව ...? කාව හරි ඔයාගෙ පස්සෙන් ගෙන්න ගන්නවා .... අයිගෝ මේ කෙල්ල නම් .... "

එහෙම කියලා කුකී මං ළඟට ඇවිත් මාවත් ඇදගෙන ආයෙ දුවන්න පටන් ගත්තෙ මං අමාරුවෙන් හුස්ම අල්ල අල දුවද්දි ....

" ඔහ් කමෝන් මධූ තාම වට දෙකයි දිව්වෙ .... යන් යන් යන් .... "

මේකා මාව ඇදන් යන ගමන් කියවනවා .... මට නම් දැන් බඩගිනියිත් එක්ක ....

" කු...කී ..... හහ් හහ් හහ්හ්ඵූ .... මහ...න්සියි .... බඩ...ගිනියිත් එක්..ක .... "

මම කිව්වෙ බිම ඉඳ ගන්න ගමන් .... මම ඉඳ ගත්තහම මගේ අතින් ඇදගෙන හිටපු කුකී ඉබේම නැවතුනා ....

" යා බොරාගු ...!? බඩගිනියි ... දැන් එන්න කලිනුත් එපා කියද්දි රාමෙන් බෝල් එකකටම වැඩේ දුන්නා නේද ....? හායිෂ් .... "

කුකීට කේන්ති ගිහින් වගේ .... මම කෝකටත් කියලා නැගිට්ටා ....

" හ..රි හා..රි අපි තව එක්..ක වට..යක් ගිහි..න් කන්..න යමු .... "

මම එහෙම කියලා හති ඇර ඇරම කුකීගෙ අතින් ඇදන් දිව්වා ....
නැත්තම් අද දවල්ට කන්න වෙන්නෙත් නෑ ....

" මධු මධු මධූ .... එන්න අපි මේ පැත්තෙන් යමු .... "

කුකී ටික දුරක් ගියහම මාව නවත්තලා වෙනම පැත්තකින් එක්කන් යන්න හැදුවේ ....

,,, මේ මොකද මේ .... අයිගෝ මේ පැත්තෙන් කොච්චර දුරද අප්පා .... ආ‍යිෂ් මේ යකා නම් .... ,,,

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now