5 - 3 බර්ත්ඩේ සප්‍රයිස්

326 75 2
                                    

My Friend
මධූ

_________ 5 - 3 _________

( after 2years )

- No one pov -

" ගන්න පුතා .... "

ලීසාගෙ ඔම්මා කිව්වෙ ගෙදර ඉන්න සර්වන්ට් ගෙනාව බීම එක ගන්නෙ නැතුව ජන්ගුක් එකට අත් පටලව පටලව ඉද්දි  ....

" ඔහ් ම්ම්ම් කුමෝවෝ ඔ..ම් ආන්ටි .... "

දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් ඉවර වුණත් අද තමයි මුලින්ම මූණට මූණ ජන්ගුක් ලීසගෙ ඔම්මවයි අප්පවයි මුණ ගැහුනෙ ....

කලින් හම්බවෙන්න හදපු හැම වතාවකම මොකක් හරි හේතුවක් නිසා ඒ ගමන වැළැක්වුණා ....

අද හම්බවෙලත් ජන්ගුක් හිටියෙ නම් වෙනම ලෝකෙක වගේ .... ඔව් , අද ආවෙ මොකටද කියලත් කොල්ලට අමතක වෙන තරම් දෙයක් කොල්ලගෙ හිතේ හොල්මන් කරනවා ....

" අපි ෆෝන් එකෙන් කතා කළාට අදනෙ මුණ ගැහුනෙ .... නේද අදල් ....? ඉතිං ඔය දෙන්නා මුලින්ම මුණ ගැහුන විදිහ කියන්නකො .... "

ලීසගෙ අප්පා ඇහුවෙ කොල්ලා ෆස්ට් ටයිම් එයාලව මුණ ගැහුන නිසා නොසන්සුන් වෙලා ඉන්නෙ කියලා හිතලා ....

" ම්ම්ම්ම් මමයි මධුයි මුණ ගැහුනෙ ගෙදරදි අංකල් .... "

කුකීට කියවුණේ එයාට ඒ වෙලාවෙ ඔළුවට ආපු දේ .... ඒ තමයි එයා මුලින්ම මධූව දැකපු වෙලාව ....

මෙච්චර වෙලා ජන්ගුක් ළඟට වෙලා ඉඳගෙන බිම බලන් හිටපු ලීසගෙ හිතත් ගැස්සෙද්දි එයා කුකී දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන .... එයාගෙ අත කුකීගෙ අත උඩින් තියද්දි තමයි කොල්ලා හරි සිහියට ආවෙ ....

" අහ් , අම් ... "

කොල්ලා කිව්වෙ මොනවද කියලා තාම මීටර් වුණේ නෑ .... ඒ නිසා ලීසගෙ මූණ දිහාත් බලාගෙන කොල්ලා ගොත ගහනවා ....

" යුනිවර්සිටි පාර්ක් එකේදි අප්පා .... අපි මුණ ගැහුනෙ .... "

ලීසා අන්තිම ටික බර කරලා කියන ගමන් අත තද කළේ කුකී කියපු දේ නිසා නොසන්සුන් බවක් පෙන්වපු එයාගෙ දෙමව්පියන්ට අසරණ හිනාවක් දෙන ගමන් ....

" අ අ ඔව් අංකල් මධූයි .... ආ....හ් මියානෙ අංකල්  .... මියානෙ ලීසා මම යන්න ඕනි .... "

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now