3 - 1 අහිමි ආදරය

303 74 5
                                    

My Friend
මධූ

_________ 3 - 1 __________

- මධූ pov - 

' යා මධූ මේ හෙට එනවකො මාත් එක්ක ගමනක් යන්න .... කෙනෙක් ඉන්නවා ඔයාට introduce  කරන්න .... '

මම හවස ලෙක්චර්ස් කට් කරලා ගෙදර ඇවිත් ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නකොට කුකීගෙන් ආව මැසේජ් එකේ තිබුණෙ එහෙම ....

' කොහෙද යන්නෙ ....? කාවද හඳුන්වලා  දෙන්න තියෙන්නෙ ....? '

මම එහෙම යැව්වෙ හඳුන්වලා දෙන්න හදන කෙනා කව්ද කියලා දැන ගෙනමයි ....

' මෙහෙම බෑ බං .... හෙට එන්න අනිවාරෙන් .... පාර්ක් එක ළඟට මං එන්නම් ඔයාව ගන්න .... '

කුකීගෙන් හැරෙන පරක්කුවට රිප්ලයි එකක් ....

" හම්ම් ... '

මම එහෙම යැව්වෙ තව කොච්චර ඇහුවත් එයාගෙ උත්තරේ ඔච්චරයි තමයි කියලා දන්න නිසා ....

එයා එයාගෙ ගර්ල්ව මට හඳුන්වලා දෙන්න හදනවා ඇත්තෙ .... අද පාර්ක් එකෙත් කුකීගෙ අතේ එල්ලිලා හිටියෙ ....

කුකියි මමයි යාළුවො වුණත් දැකපු වෙලාවෙ ඇති වුණ ආකර්ශනයට එහා ගිහින් එයා ගැන මගෙ හිතේ ආදරයක් ඇති වුණේ එයා අනිත් අයට වඩා මං ගැන හොයලා බලන නිසා ....

සඳියයි කවියයිත් එහෙම කළත් කුකී ඒ විදිහට මං ගැන හොයලා බලන එක මට දැනුනෙ වෙනස්ම විදිහකට .... හරියට අප්පචිගෙ කෙනෙක්ගෙ ආරක්ෂාව වගේ ....

මම ඒකට ලෝභ වුණත් මට ඒ ගැන එයාට කියන්න බෑ .... මොකද මම දන්නවා එයා කැමති මොන වගේ කෙනෙක්ටද කියලා .... මට ඒ තැනට කවදාවත් ළං වෙන්න බෑ ....

මට හිමි නැති මගේ එකම ආදරය එයා වෙයි .... ආයෙ කවදාවත් මට ආදරයක් ඇති වෙන එකක් නෑ .... මම වගේ කෙනෙක්ට කව්ද ආදරේ කරන්න ඉන්නෙ ඉතිං ....

ලොකු හුස්මක් අතෑරලා මම කොට්ටෙ මූණ ඔබා ගත්තෙ දුක හිතුනම කන්න ස්නැක් එකක්වත් දැන් නැති නිසා ....

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now