1 - 3 මංගල යෝජනා

349 77 4
                                    

   My Friend
මධූ

_________ 1 - 3 __________

- මධූ pov -


අම්මගෙ මූණෙ නම් හිනාවක් තිබුණෙ ආපහු ගෙට එනකොට .... අහ් කුකී එක්ක ඉන්නකොට අම්මා නම් මට ඔරනවා .... ඇයි අනේ වෙන්ඩ හිටපු බෑනානෙ එයා .... මම එපා කිව්වනෙ ....

ඒක වුණේ මෙහෙමයි .... එන්නකො කියන්න ,,

මං කිව්වනෙ මම ඉතිං සිරි ලංකන් කෙල්ලෙක් කියලා .... ඒ ඉතිං මම ඉපදුන දවසෙ ඉඳලම කොරියාවෙ ඉඳලා .... අපෙ අම්මා ඉතිං තාත්තා එක්කනෙ කොරියාවට ඇවිත් තියෙන්නෙ .... එතකම් හිටියෙ ලංකාවෙනෙ .... ඉතිං අම්මා කොහොමත් සිරි ලංකන් කෙල්ලෙක් .... හරි හරි , කෙල්ල කාලෙ ඉඳම්ම සිරි ලංකන් කියමුකො ....

ම්ම් අහන්නකො ඉතිං , මගෙ හඳහනේද මොකේද ප්‍රශ්නයක් තියෙයි කියලා ගිය අවුරුද්දෙ ඉඳන් මට මඟුල්... අ මේ මං කියන්නෙ මංගල යෝජනා හොයන්න ගත්තා ....

ගිය අවුරුද්දෙ කොරියන් , සිරි ලංකන් කොල්ලො , අංකල්ලා මාව බලන්න ආවෙ උන්දැලගෙ ගෙවල්වල ඈයොත් එක්ක .... මේ අවුරුද්දෙ ගිය අවුරුද්දෙ තරම් නැති වුණත් මාසෙකට එක්කෙනෙක් වගේ එනවා .... මේ අවුරුද්දත් ගෙවෙනකම් අම්මා ඕක කරයි .... මමත් ඉතිං අම්මා කියන විදිහට සංවරව ඇඳගෙන එයාලට පේන්න හිටියා ....

එක දවසක් ආපු කෙනෙක් ගැන කියන්නම්කො .... ,,

💫 Flashback  💫

" දූ ඉක්මනටම ලෑස්ති වෙන්න අනේ .... ම්ම්ම් අද එන්නෙ ලංකාවෙ පවුලක් .... ඒ නිසා මේක අඳින්න .... "

අම්මා එහෙම කිව්වෙ ඊයෙයි පෙරේදයි මහ ලොකුවට කියව කියව ඉඳපු මංගල යෝජනාව ගැන ....

" ඇත්තටම අම්මා මේක මම කවදා වෙනකම් කරන්න ඕනිද ...? ආහ් මම තාම යුනි එකේ ෆස්ට් ඉයර් .... "

මම කිව්වෙ මනමාලයො ඉස්සරහ ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ ගිහින් ඇති වෙලා හිටපු නිසා ....

" කට වහගෙන ලෑස්ති වෙනවා .... ඔයාව මේ අවුරුදු දෙක ඉවර වෙන්න කලින් කසාද බන්දන්න ඕනි .... මේක අනිත් ඒවා වගේ වෙන්නෙ නෑ .... ඔයාගෙ ෆොටෝ එකක් දැකලා එයාලමයි මේ යෝජනාව ගෙනාවෙ .... ඒ නිසා දැන් ලෑස්ති වෙන්න .... "

My Friend ( මධූ ) [ Completed ]Where stories live. Discover now