My Friend
මධූ_________ 3 - 2 __________
- මධූ pov -
" අපි ආවා .... "
කුකී කිව්වෙ කාර් එක නවත්තන ගමන් .... ඒක පුංචි ගමක් වගේ ....
වට පිටාව හරිම ලස්සනයි ...." ඔය දෙන්නා මෙතනම ඉන්න .... මම කා එක පාර්ක් කරලා එන්නම් .... "
මමයි ලීසයි බැස්සට පස්සෙ කුකී එහෙම කියලා කාර් එක පාර්ක් කරන්න ගියා ....
" මෙතන හරිම ලස්සනයිනෙ ලීසා .... හරිම නිදහස් .... "
මම කිව්වෙ වටේම ඇස් යවන ගමන් ....
" හැම දේකම පේන්න තියෙන ලස්සන නෑ මධූ .... "
මං ලීසා කිව්වෙ එහෙම ....
" ඇයි එහෙම කියන්නෙ ...? "
මං ඇහුවෙ මේ තැන ලස්සන ඇරෙන්න මට වෙන දෙයක් පේන්නෙ නැති නිසා ....
" යමුකො .... ඔයාට තේරෙයි ගියහම .... "
ලීසා එහෙම කියලා ඉස්සර වුණේ කුකිත් අපි ඉන්න පැත්තට එනකොට ....
අපි ඉස්සරහට යද්දි පේන්න තිබුණෙ ටිකක් ලොකු පරිසරයක ගහලා තිබුණ කූඩාරම් ටිකක් .... ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙකුත් එතන එහාට මෙහාට යනවා පෙනුනා ....
" අනේ ...! "
මට කිය වුණේ පුංචි පුංචි තුවාල හැදිලා ඉන්න ළමයින්ව දැකලා .... කුකී මගෙ උරහිසට තට්ටු කරලා ඉස්සරහට යමු කිව්වා ....
" මේ ඇයි කුකී ...? "
මම ඇහුවෙ මෙතන ඉන්නෙ අවුරුදු දොළහට වඩා වයසින් අඩු ළමයි .... අනික වැඩිහිටියො කවුරුවත් නැති නිසා .... ඒ ළමයින්ට මෙහෙම වෙන්න හේතුවක් හිතා ගන්න බැරි වුණා ....
" මමත් දන්නෙ නෑ .... ලීසා මට ඊයෙ මේ ගැන කිව්වෙ .... ගිහින්ම දැනගෙන ලීසට උදව් කරමු .... "
කුකී එහෙම කියලා මාත් එක්කම ඉස්සරහට යද්දි අපිට ඉස්සර වෙලා ගියපු ලීසා ආයෙම හැරුණා ....
" මේ මාස්ක් දා ගන්න .... "
ලීසා අපිට මාස්ක් දෙකක් දික් කළා .... අපිත් ඒ දෙක දා ගනිද්දි ලීසත් ඒක දාගෙන කූඩාරමක් ඇතුළට ගියා අපිටත් එන්න කියලා ....
YOU ARE READING
My Friend ( මධූ ) [ Completed ]
Fanficම්ම්ම්ම් මොකක්ද කතාව ගැන කියන්නෙ ..... කියවලම බලන්න අනේ ..... 😊 Enjoy !!! I 💜️ U 💫 Mikey_heart 💫